අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

ගල්ගමුවේ ශිෂ්‍යත්ව දරුවන්ට සිදුවුනේ කුමක් ද?. ගල්ගමුවේ ගුරුවරියක් ලංකාසරට කියයි!

by editor
ජනවාරි 23, 2022
in සමාජ
Share on FacebookShare on Twitter

5 වසර ශිෂ්‍යත්ව විභාගය ඊයෙ පැවැත්වින. ඒ වසංගත තත්ත්වය හමුවේ බොහෝ බාධක දුක් කම්කටොලු මතිනි .

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුන සෑම වසරකම වැඩිපුර කතාබහට ලක්වන්නේ මහව අධ්‍යාපන කලාපය යි . ඒ එම කලාපයේ විද්‍යාල කිහිපයක් ම වරින් වර දිවයිනේ විශිෂ්ටතම ප්‍රතිඵල වාර්තා කරන බැවිනි. නමුත් ඊයේ  මාධ්‍යයෙන් දැකගත හැකි වූයේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි.

ඊයේ දින  ශිෂ්‍යත්ව විභාගය අවසන ගල්ගමුව යූ.බී වන්නිනායක විදුහලේ   දරුවන් හා දෙමව්පියන් ගේට්ටුව ඉදිරිපස හඬාවැටුණු දුටුවෙමි. මාධ්‍ය එය වාර්තා කර තිබුණේ ය. එම පුවත වේගෙන් සමාජ මාධ්‍ය ජාල හරහා පැතිර යන අයුරුද  දුටුවෙමි. මාධ්‍ය වාර්තා කර තිබුණේ දරුවන්ගේ අඬවැඩියාවය. දෙමව්පියන්ගේ වියරුවය. එහෙත් වගකිවයුතු පාර්ශවයන්වයෙන් කරුණු විමසා  තිබුනේ නැත .

ඇත්තටම සිදුවූයේ කුමක් ද?. ගුරුවරියක ලෙස වගකීමෙන් හා යුක්ති සහගතව මේ සටහන ලියා තබමි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දරුවන් හා දෙමව්පියන් පවසන ආකාරයට විභාග ශාලාව තුළ රාජකාරිවල නිරත වූ ගුරුවරුන්ට ඇති චෝදනා මෙසේය

  1. කටු වැඩ කොල දුන්නෙ නෑ .
  2. වෙලාව ඉවරයි කියල පේපර් එක උදුරල ගත්තා.
  3. අපේ කාමරවල බිත්තියෙ ඔරලෝසුව ක් තිබුනෙ නෑ . අහවල් ඉස්කෝලෙ ළමයි හිටපු කාමරේ ඔරලෝසුව ක් තිබුනා.
  4. ගුරුවරියක් ළමයි තුන් දෙනෙකුට උත්තර කියලා දුන්නා .

මේ දෙමව්පියන්ගේ හා දරුවන්ගේ අඬ වැඩියාවේ මාධ්‍ය වාර්තා කර තිබුණේ එලෙසය. නමුත් එය එසේ වූවා දැයි සොයා බැලිය යුතුය. විමර්ශන හෙට සිට ආරම්භ වනු ඇත .

  1. ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන   දරුවෙකුට කටු වැඩ කිරීමට කොළ ලබා නොදෙන ගුරුවරුන් ඉන්නවා යැයි ඔබ සිතනවාද ?… කටු වැඩ කළ කොල සියල්ල පැකට් කර නැවත භාර දෙන බව ඔබ දන්නවාද ?. විමර්ශන ඔස්සේ ඒ චෝදනාව සත්‍ය ද අසත්‍ය දැයි හෙළි කර ගත හැකිය.  විභාග ශාලාවකට ලැබෙන කොළ ප්‍රමාණය හා කටුවැඩ   සඳහා ලබාදී ඇති කොළ ප්‍රමාණය ගණනය කළ හැකිය .
  2. විභාගයට නියමිත වේලාව අවසන් වූ පසු පිළිතුරු පත්‍රය ගුරුවරුන් විසින් පිළිවෙළින් එකතු කරගත යුතුය .”උත්තර පත්තරේ ඇදලා ගත්තා “… මේ දරුවන් එලෙස පවසන්නේ ඇයි දැයි මේ ලිපිය කියවන ඔබ නිසැකවම වටහා ගනු ඇත. පිළිතුරු පත්‍ර එකතු කර ගැනීම   ඇදලා ගැනීමක් ලෙස දරුවන් දකින්නේ ඇයි ?
  3. බිත්තිවල ඔරලෝසු  ප්‍රදර්ශනය කිරීමක් පිළිබඳ විභාග නීතියේ නැත. නමුත් වරින් වර දරුවන්ට තිබෙන කාලය පිළිබඳ මතක් කෙරෙනු ඇත. විභාගයක දී සිදු කළ යුතු  එවැනි  කාරණා අමතක කරන්නට තරම් ගුරුවරු වගකීම් රහිත නොවෙති.
  4. ගුරුවරියක් දරුවන් තිදෙනෙකුට උත්තර     කියලා දුන්නා යැයි යන චෝදනාව විමර්ශනවලින් හෙළි  කර ගත යුතුය. එහි වරද නිවරද   නොදනිමි. නමුත් මාධ්‍යයෙන්  නම් මා දුටුවේ ……”ඒ ටීච කියලා දුන්නා නේද ?? ඔයා දැක්කා නේද පුතේ…. කියන්න කියන්න… මේකට කියන්න…. ” යැයි දෙමව්පියෙක් ගේ නිර්ලජ්ජිත පෙළඹුම කි .

එය එසේ නම් මේ සිදුව ඇත්තේ කුමක්ද?.  එය අපේ සමාජ ක්‍රමය තුළ ඔඩු දුවමින් තිබෙන බරපතල ඛේදවාචකයකි. මේ ඒවායේ  අතුරුපලය.

මහව අධ්‍යාපන කලාපයේ ගල්ගමුව කොට්ඨාසයට අයත් සිරිමාවෝ බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය වසර ගණනාවක් තිස්සේ නිතර ශිෂ්‍යත්ව  ජයග්‍රහණ ලබයි. ඒ දරුවන් ද විභාගයට පෙනී සිටියේ මේ සිදුවීම සිදු වූවා යැයි කියන පාසලේමය. චෝදනා ඉදිරිපත් කරන්නේ යූ.බී. වන්නිනායක විද්‍යාලයේ දරුවන්ය. ඔවුන් කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක කනිටු විදුහලේ දරුවන්ට ගුරුවරු විභාගයේ දී උදව් කළ බවය.  මේ ලිපිය ලිවීමේ අරමුණ දරුවන්ට චෝදනා කිරීම නොවේ. ශිෂ්‍යත්වය වියරුවක් කරගෙන දරුවන්ගේ ඔලු කන දෙමව්පියන් ට දැනෙන්නට ය… මේ සියලු කාරණා වලට පසුබිම සැකසෙන්නෙ එලෙසය.

ජයග්‍රහණය ලබන පාසලේ හා ඒ දරුවන් කෙරෙහි  අනෙක් ආසල්වල දෙමව්පියන් බලන්නේ වැරදි දෘෂ්ටි කෝණයකිනි. අපේ දරුවන් නොලබන ජයග්‍රහණයක් ඔවුන්ට ලැබෙන්නේ කෙසේදැයි ඔවුන් සිතනවා ඇත. එයට හොඳම සාක්ෂිය වන්නේ මීට පෙර වසර කීපයක සිට ඔය වැනි ගැටලු ශිෂ්‍යත්ව  විභාගයෙන් පසු ගේට්ටුවෙන් පිටත නිතර නිතර සිදුවීමය. අහස පොලොව නුහුලන කට කතා පැතිරීමය.

අද වෙනසකට තියෙන්නේ ඒ සිදුවීම්  මාධ්‍ය තුළින් ඒකපාර්ශවීය වාර්තා කිරීමය. මේ සියලු කාරණා වලින් සිදුවන්නේ මුළු මහත් අධ්‍යාපනයටම කැලලකි. ඒවා සුළුපටු ඒවා නොවේ. එවැනි සිදුවීම් ඇතිවන තත්ත්වයකට දෙමව්පියන් හඬා වැලපෙමින් දරුවන් පොළඹවමින් මේ ගෙනියන්නේ ශිෂ්‍යත්ව වියරුවක් මිස සැබෑවක්   නොවේ. සැබෑ කාරණය   මනෝ විද්‍යාත්මකව සොයා විමසා බැලිය යුතුය. විමර්ශනවලින් පසු හෝ බලධාරීන් එක්ව මේවාට පිළියම් යෙදීය යුතුය.

ශිෂ්‍යත්ව විභාගයේ අරමුණ මෙවැනි සමාජ ඛේදවාචක නොවිය යුතුය.  නමුත් සිදුවෙමින් පවතින්නේ සිදු නොවිය යුතු දෙයකි.  දරුවන්ට තවකෙකුගේ ජයග්‍රහණය සතුටින් විඳගැනීමට ඉගැන්විය යුතුය. ඒ සඳහා සැකසුණු නිදහස් මානසිකත්වයක් නැත. මෙය ඊයේ පමණක් සිදුවන්නක් නොවේ. වසර ගණනාවක සිට ශිෂ්‍යත්ව විභාගය කෙළවරදී ගල්ගමුවේ පාසල් ගේට්ටු අසල සිදුවන්නකි.

සිදුවූයේ කුමක්දැයි විමර්ශනවලින් හෙළිවනු ඇත. නමුත්  දරුවන්ගේ මනස විකෘති කළ ඒ වියරුවේ විෂබීජ සෝදා හරින්න කවුද… ?

Tags: නවතම
Share69Tweet43
Previous Post

“රටේ සම්පත්වල අයිතිවාසිකම් දෙනතාක් චීනය ඒකාධිපතියන්ට මිනීමරුවන්ටත් සල්ලි දෙනවා” – ජර්මානු නාවික හමුදා ප්‍රධානී

Next Post

නෙදර්ලන්ත විශ්ව විද්‍යාලවලට චීනයෙන් සල්ලි

Related Posts

සමාජ

කෙළවර කොතැන ද?…

ජූලි 9, 2026
dengue-death
සමාජ

ආණ්ඩු පඩංගු කරන ඩෙංගු…

ජූලි 5, 2026
සමාජ

ෆේස්බුක් හි සැරිසරන රුසියානු හිතවාදී ලාංකික පිටු පිළිබඳ  අධ්‍යනයක්!

ජූලි 1, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.