සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඍජු ලෙස මැදිහත් වී එවනු ලැබූ ලයිස්තුවක් මුල් කරගනිමින් කොන්ත්‍රාත් පදනම මත නුවර ජල සම්පත් මණ්ඩලයට තරුණ පිරිසක් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ මෙහොත වනවට නුවර ජල සම්පත් මණ්ඩල කාර්යාලයේ පැවැත්වෙමින් ඇති බව වාර්තා වේ.
දැනට තරුණයින් සිය දෙනෙකුට ආසන්න පිරිසක් මෙසේ බඳවා ගැනීම සඳහා කටයුුතු කරන බව දැනගන්නට ඇත.
මේ නව බඳවා ගැනීම් සිදුකරමින් ඇත්තේ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශ කිරීමට සියලුම කටයුතු සැලසුම් වී තිබිය දීය. එමෙන්ම මෙම නව බඳවා ගැනීම් කරනු ලබන්නේ රාජ්‍ය සේවයේ සේවක වැටුප් ගෙවීමට නොහැකිව පඩිපතත් ඉතිහාසයේ පළමු වරට ප්‍රමාද වන බව අද උදේ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන විසින් ප්‍රකාශ කරන විටය..
එමෙන්ම නව බඳවා ගැනීම් නැවැත්වීම සහ විශ්‍රාමික සේකවයන්ට සේවා දිගු ලබා දීම නැවැත්වීම හරහා දැඩි රාජ්‍ය මූල්‍ය පරිපාලනයක් කරමින් සිටින අවස්ථාවක මෙම බඳවා ගැනීම් සිදුකිරීම බරපතල ප්රශ්නකාරී තත්ත්වයක් අති කර ඇතැයි වාර්තා වේ.
මේ පිළිබඳව නුවර ජල සම්පත් මණ්ඩලයෙන් කළ විවසීමක දී එහි වගකිවයුතු නිලධාරියෙක් ලංකාසරට ප්‍රකාශ කළේ මේ කිසිම සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඔවුන්ගේ සම්බන්ධයක් නැති බවය.
ඉහළින්ම පැමිණි ලයිස්තුවකට පත්වීම් ලබා දීම සඳහා කරන මෙම සම්මුඛ පරීක්ෂණයට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම පමණක් ආයතනය සිදුකරන බව ඔහු පැවසුවේය.
මේ බඳවා ගනු ලබන පුද්ගලයින් සම්බන්ධ පුරප්පාඩු, අනුයුක්ත. කරන ස්ථාන සහ එහි අවසන් ප්‍රතිඵලය හෝ තමන් නොදන්නා බව නුවර ජලසම්පත් මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙක්ම අප සමග පැවසූහ.









