ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කරන ලද හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනීගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව වෙත සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබියදී එය ප්‍රතික්ෂෙප කරමින් මග හැර සිටි ක්‍රිකට් ආයතන නිලධාරීන්ට වැඩ වරදින ලකුණු පහළ වී ඇත.
මෙම නිලධාරින්ට විරුද්ධව ක්‍රීඩා පනතේ ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලතල යටතේ කටයුතු කළහොත් ඉදිරියේ ක්‍රීඩා තහනමක් පැනවිය හැකි බව පැවසේ.
සාක්ෂි විමසීම සඳහා කැඳවා තිබියදී එහි පැමිණීම ප්‍රතික්ෂෙප කර ඇති නිලධාරීන් මෙසේය.
ජයන්ත ධර්මදාස, රවින් වික්‍රමරත්න, නලින් අපෝන්සු, තිලක් වාත්තුහේවා, ක්‍රිෂාන්ත කපුවත්ත, ජානක පතිරණ, සුජීව ගොඩලියැද්ද, නිශාන්ත ද සිල්වා, බන්දුල දිසානායක, මහේෂ් බෝපෙගමගේ, සමන්ත දොඩම්වෙල, ප්‍රියන්ත අල්ගම,
මොවුන් සාක්ෂි දීම ප්‍රතික්ෂෙප කර තිබියදී සභාපති ෂම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා ඇතුළු 17 දෙනකු සාක්ෂි ලබා දී තිබේ.
මෙසේ කමිටුව හමුවේ සාක්ෂි ලබා දීම මග හැර සිටි මහේෂ් බෝපෙගමගේ හැර අනික් සියලු දෙනා විස්සයි විස්ස ලෝක කුසලාන තරග නැරඹීම සඳහා ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශ පත්‍ර සමග දින දහයකට ඩොලර් 7000 ක දීමනාවක් ලබමින් ඕස්ට්‍රේලියාවට ගොස් තිබුණු බව වාර්තා වේ.
මින් සමහරු ක්‍රීඩාංගණවලට හෝ නොගොස් නෑ හිතමිතුරන්ගේ නිවෙස්වල සාද පවත්වමින් කාලය ගත කර ඇතැයිද කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.









