සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර කොටසක ජලය බැස යයි… අකුරණ තවමත් වතුරේ… නුවර පවුල් 227ක පුද්ගලයින් 1376ක් අවතැන්…

by editor
දෙසැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද උදෑසන මහනුවරට ගැලූ  මහා ජල කඳෙන් යට වුන ප්‍රදේශවලින් කොටසක ජලය බැස ගොස් ඇත.

ජලයට යටවීමෙන් දැඩිව බලපෑමට ලක්වුන අකුරණ ප්‍රදේශයේ ජලය තමත් බැස යමින් ඇත. එම ජලබැස්ම සිදුවන්නේ තරමක මන්දගාමීව බව නුවර  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ  පවුල් 322   පුද්ගලයින් 1367යි අවතැන් වී ඇත. පූර්ණ නිවාස හානි 01යි. අර්ධ හානි 61ක් වාර්තා වී තිබේ. තවමත් ජලයෙන් යටවී ඇති අකුරණ ප්‍රදේශයේ සිදුවූ ආපදා තත්ත්වය මේ වනවිටත් ගණනය කර නැත.

නායේ යෑම් සහ ජල ගැලීම් ඇතුළු    අවදානමට ලක්විය හැකි  ප්‍රදේශ ලෙස    ගඟවට කෝරලය, අකුරණ, උඩුනුවර, පාතහේවාහැට, හාරිස්පත්තුව, දෙල්තොට මේ වනවිට හඳුනාගෙන තිබේ.

සුදුහුම්පල මුල්ගම්පල ප්‍රදේශයේ මැද ඇල දෙපස කොටස්වල ජලය බැස ගොස් ඇත. ජලයට යටවීම නිසා  නිවෙස් හැරදා ගිය පිරිස් යළි සිය නිවෙස් වෙත පැමිණ සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දුම්රිය සථානය…

විශාල විනාශයක් සිදුකිරීමෙන් පසු මහනුවර දුම්රිය ස්ථානය යටකළ ජලකඳත් බැස ගොස් තිබේ. සිදුවී ඇති හානිය ගණනය කරමින් සිටින බව  මහනුවර ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති ආර්එම්පී රත්නායක පවසයි.

විශේෂයෙන්ම දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ජනතාව විසින් ලබා දුන් පාර්සල් ගණනාවක් විනාශ වී තිබීම බරපතල කාරණාවක් බව පවසන දුම්රිය ස්ථානාධිපතිවරයා ඒ සඳහා සුදුසු වන්දියක් ගෙවීමට සිදුවන බව පෙන්වා දෙයි.

දුම්රිය සඳහා නිකුත් කිරීමට ගබඩා කර තිබූ ප්‍රවේශපත්‍ර තොග ගබඩා කර තිබූ ප්‍රදේශය ද ජලයෙන් යට වීම නිසා ප්‍රවේශපත්‍ර තොග විනාශ වී තිබේ. ඉන් හැකි ටිකට් ප්‍රමාණයක් වියලා භාවිතයට ගැනීමට සූදානම් කර ඇත

වේලමින් ඇති ප්‍රවේශපත්‍ර…

නුවර දුම්රිය ස්ථානය ටිකට් අලෙවියන් සහ පාර්සල් මෙහෙයුම්වලින් දිනකට  රුපියල් මිලියන දෙකක ආදායමක් ලබයි. අද එම ආදායම මුලුමනින්ම නැවතී තිබිණි.

නුවර නගරයේ දිය බැස්ම සඳහා  අතීතයේ සිට යොදා ගත් භූගත ජල මාර්ගය වන්නේ මැද ඇලය. එය නුවර යුගයේ ඉදිකළ ඓතිහාසික ඉදිකිරීමකි.  නගරයට  එකතුවන   ඉවත් කරන මෙම  භූගත ජල මාර්ග සියල්ලට  වැසිකිලි කානු හැරවීම සහ නිසි නඩත්තුවකින් තොරවීම  මෙවැනි ආපදා ඇතිවීමට ප්‍රධාන හේතුවක් බව වාර්තා වේ.

වසර කීපයක සිට මැද ඇල සහ භූගත ජල මාර්ගය    යථා තත්ත්වයට පත්කිරීමේ  කටයුතු ආරම්භ වුවද විවිධ හේතු මත එම කටයුතු අඩාල වූයේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාමසාධක හමුදාවන්ට එරෙහි අපරාධ වෙනුවෙන් පෙනී සිටින්න මිතුරු කණ්ඩායමක්

Next Post

ෂාෆ්ටර් ඝාතනය – 75ක ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා… තවම නිශ්චිත සැකරුවෙක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක….

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.