අරලියගහ මන්දිරය සහ ජනාධිපති මන්දිරයත් ජනාධිපති ලේකම් කාර්යාලයත් වහාම නිසි බලධාරින්ට භාර දෙන ලෙස නීතිඥ සංගමය විරෝධතා කණ්ඩායම්වල සාමාජිකත්වයෙන් ඉල්ලා සිටී. එම මන්දිර දෙක තුළ සිදුවූ විනාශයන් පිළිබඳවත් තමන්ගේ අවධානය යොමු වී ඇති ව නීතිඥ සංගමය කියයි.
අරගලය වෙනුවෙන් විශාල කාර්යයක් කළ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
නීතියේ ආධිපත්‍ය ව්‍යසනයට ලක් කරන, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල භාවය අඩපණ කරනබව හැඟවෙන විරෝධතා කණ්ඩායම්වල ඇතැම් ප්‍රකාශ පිළිබඳ නීතිඥ සංගමයේ අවධානය යොමු වී ඇති බවත් එම සංගමය පවසයි
ඔවුන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.