සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නීතියට වංගු දැමූ චන්ද්‍රෙස්නගේ කෝටි හැත්තෑවේ කාබනික පොහොර මගඩිය හෙළි වෙයි…

නීති අධ්‍යක්ෂ බෑ කියද්දී කාබනික පොහොර හදන්න ඉඩම් කොමිසමෙන් නීති විරෝධී ව කෝටි 70ක් අරන් !. කාබනික හීනයේ තවත් ප්‍රතිඵලයක්...

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ අසාර්ථක කාබනික පොහොර  වැඩ සටහන සඳහා පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට යයි පවසමින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු රුපියල් කෝටි 70ක් නීති විරෝධී ලෙස යොදවා ඇති බව වාර්තා වේ.

හිටපු ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රෙස්න  ගේ නියෝගයන්ට අනුව මෙම මුදල් ලබාගෙන අනුරාධපුර ප්‍රදේශයේ  කාබනික පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට එම මුදල් නීති විරෝධි   අයුරින් යොදවා ඇති බව ඊයේ (05) සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.

එම පුවත් පතේ ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන නාමිනි විජේදාස විසින් වාර්තා කරනු ලැබ ඇති පරිදි  එවකට ඉඩම් අමාත්‍ය  එස්.එම් චන්ද්‍රසේන 2021  වසරේ ජූලි මාසයේදී රුපියල් මිලියන 700ක මුදලක් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ මුදල් යොදා ගන්නා බවට පවසා තිබිණි.

ඒ අනුව මෙලෙස නිපදවන කාබනික පොහොර කෘෂිකර්ම අමාත්‍යංශයට අලෙවි කොට ඉන් ලැබෙන මුදල් යළි අයෝජනය කර පොහොර නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බවටද  දක්වා ඇති එම   කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබිණි.

එලෙස මෙම ව්‍යාපෘතියට මුදල් වෙන් කරවාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂවරයා විසින් 2021 වර්ෂයේ ජුනි මාසයේදී කොමිෂන් සභාවේ අරමුදල්  මෙවැනි ආයෝජන ව්‍යාපෘතිවලට  යොදා ගැනීම නීතියට පටහැනි බවට පෙන්වා දී තිබියදීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මෙලෙස  ලිඛිත ව  අදහස් දක්වා ඇති අතර  එහිදී පෙන්වා දී ඇත්තේ කොමිෂන් සභා පනතතේ 53 වගන්තියට අනුව අරමුදල් යොදා ගතහැකි ආකාරය ඉතාම පැහැදිලිව පෙන්වා දී ඇති බවයි.  ඒ අනුව ව්‍යවස්ථානුකූලව කොමිස්මට එම අරමුදලයේ මුදල් වැය කිරීමට බලය හිමිවන්නේ කොමිසම විසින් දරණ වියදම් පියවා ගැනීමට පමණක් බවද එම පුවත් සඳහන් කරයි.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලාභ උපයන ව්‍යාපාරවලට එහි අරමුල් නීතිමය බලයක් නොමැති බවත් පනතේ 44 කොටසේ කොමිසමට මුදල් අය කරගැනීමට හැකියාව පවතින ක්‍රියාවන් පිළිබඳවද පැහැදිලි කර ඇති බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

මේ අතර අදාළ කාබනික පොහොර නිපදවීමෙ කටයුතු විශාල වශයෙන් කොමිෂන් සභාවට අයත් නොවන භූමවල සිදුකර ඇති බවත් එයද කොමිෂන් සභා පනත පටහැනි බවද වාර්තාවේ.

අදාල  යෝජනාව එවකට අමාත්‍යරයාව සිටි එස්. එම්. චන්ද්‍රසේන විසින් ඉදිරිපත් කර ඇති බවත් එහිදී මෙම කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘතිය උතුරුමැද පළාතෙන් 2021 මැයි මාසයේදී ආරම්භ වීමට යෝජනා කර ඇති බවද වාර්තා වන බව එම පුවත් පත පෙන්වා දෙයි.

මෙම යෝජනාවට එවකට මුදල් අමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ ද සිය සහය ලබා දී ඇති බවද  2021 ජූනි 7 වැනිදා මහින්ද රාජපක්ෂ උතුරුමැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක නියමු ව්‍යාපෘති 35ක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කැබිනට් මණ්ඩලය වෙත සන්දේශයක් ඉදිරිපත් කර ඇති බවද සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ රෑ යාපනය විශ්විද්‍යාල භූමියට ඇතුළු වූ පිටස්තර මැර කණ්ඩායමක් සිසුන්ට පහර දෙති!

Next Post

කළු කුරුල්ලා 21ට කොටයි ද?… පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පිළිබඳ අවසන් තීන්දුව වැට උඩ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.