නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරයකුගේ පුතකු විසින් සිය සහෝදර සේවකයකුට පහරදීම සම්බන්ධයෙන් කළ පැමිණිල්ල ලියා නොගත්තැයි චෝදනා කරමින් කෝට්ටේ මහනගර සභා සේවක පිරිසක් වැලිකඩ පොලීසිය ඉදිරිපිට විරෝධතාවක නිරත වෙති.
ඔවුන් සිය නගර සභා වාහන පවා මාර්ගය හරස් කර පාලම යට විරෝධතාවේ නිරත වීම නිසා අසල මාර්ග ද තදබදයක් හටගෙන ඇත.
සිදුවී ඇත්තේ අලකේෂ්වර මාවතේදී සිය මෝටර් රථය කෝට්ටේ නගර සභාවේ කසළ එකතු කරන ලොරිය හේතුවෙන් මඟ ඇහිරී ඇතැයි චෝදනා කරමින් නීතිඥවරයාගේ පුතා විසින් සේවකයන් සමග බහින්බස්වීමයි.
එහිදී ඔහු සේවකයාට පහර දුන් බවට නගර සභා සේවකයෝ පවසති.
නගර සභා සේවකයන් තම පුතුට පහර දී ඇති බව පවසමින් අදාළ පුද්ගලයාගේ නීතිඥ පියා ද පොලිස් පැමිණිල්ලක් කර ඇත.







