සුමිත් පොතුපිටිය –
-
නිවාඩුව නිම කර රටට යන්න කටුනායකට යන අතර පාස්පෝට්එක, ගුවන් ටිකට්පත, මුදල් සහිත සන්තකය කොල්ල කලා… සර්බියානුවා පානදුර පොලිසිය තුළ හඬා වැටෙයි…
නැවත සිය මව් රටට යාමට කටුනායක බලා දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයෙකුට අයත් විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ටිකට් එක ඇතුළු වටිනා දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සර්බියානු ජාතික දමීර් හැඩ්සික් නමැති අය විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මාතර ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටී සර්බියානු ජාතිකයා බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියෙන් වැලිගම සිට කොළඹ කොටුව බලා ගමන්කර ඇති අතර , කළුතර දකුණ දුම්රිය ස්ථානයේදී කිසියම් පුද්ගලයකු සිය ගමන් මල්ල රැගෙන දුම්රියෙන් බැස පලාගිය බවට විදේශිකයා පැමිණිලි කර ඇති බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
ගමන් මල්ල තුල විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ටිකට්පත, ඩ්‍රෝන කැමරාවක්, කැමරාවක්, ලැප්ටොප් යන්ත්‍රයක්, ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් සහ යූරෝ 200 ක මුදලක් තිබූ බවද සදහන් වේ.
සොරකම සිදුවීමෙන් පසු නැවත දුම්රිය නතරකර ඇත්තේ පානදුර දුම්රිය ස්ථානයේ බැවින් සර්බියානුවා පානදුර දුම්රිය ස්ථානයෙන් බැස පානදුර දකුණ පොලිසියට සිද්ධිය දැනුම් දීමෙන් පසු කළුතර දකුණ පොලිසිය දැනුවත් කර ඇති බව පොලිසිය සදහන් කරයි.
සර්බියානු ජාතිකයා හැඩූ කදුළින් පානදුර දකුණ පොලිසිය අසල රැදී සිටි බවද සඳහන් වේ.
සැකකරු සොයා කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති