සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිවහල් රටක් වෙනුවෙන් දහස් ගණනකගේ ජීවිත පූජාව සමරන බක් මහ සමරුව දවසේ අනුර ජාතිය පාවා දුන්නා… පුබුදු ජයගොඩ දැනෙන්න කියන කතාවක්!

මෝදි ඇවිත් කළ දේ... ඉන්දියා - ශ්‍රී ලංකා බලශක්ති සැපයුම ඒකාබද්ධ කර ජාතියේ ස්වයිරීත්වය ඉන්දියාවට පාවා දුන්න අයුරු පෙරටුගාමීන් හෙළි කරයි...

by editor
අප්‍රේල් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතියේ ස්වාධිපත්‍යය වෙනුවෙන් ජීවිත පූජා කළ දහස් ගණනක රුධිරයෙන් සහතික කළ දේශපාලන හරයේ ආත්මය පාවා දෙමින් බක් මහ සමරුව දා  ඉන්දියාවට ජාතිය පාවා දීමේ ගිවිසුම් අත්සන් කර බයිලා ගැසීමට නොඑන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද ජාතික ජන බලවේග රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායකට දැන්වූයේය.

අද මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පෙන්වා දුන්නේ විපක්ෂයේ සිටිනතාක්කල් විරෝධය පළ කළ, උසාවිය ගිය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ බලශක්ති ඇමති කාංචන විජේසේකර ඇමතිවරයා විසින් සම්මත කල පනතක් නෛතිකව බලාත්මක කරමින් ශ්‍රී ලංකාවේ විදුලි බල පද්ධතිය ඉන්දියාවට සම්බන්ධ කිරීමේ ගිවිසුම කුමණ ආකාරයේ ජාතික අපරාධයක් දැයි පුබුදු ජයගොඩ අද රජයෙන් ප්‍රශ්න කළේය.

මෝදිගේ ලංකා ගමන තුළ අත්සන් කරනු ලැබූ මේ සැඟවුන ගිවිසුම්වලට එරෙහිව ඊයේ පෙරටුගාමි සමාජවාදී පක්ෂය සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණය උසාවි නියෝගයක් මගින් වැලකී ගිය අතර විරෝධතාවය කොටුව දුම්රියපල අභියසට සීමා වූයේය.

පුබුදු ජයගොඩ අද මාධ්‍ය අමතමින් මෙසේ පැවසුවේය.

“මේ වනවිටත් ගිවිසුම් නිසි පරිදි සමාජගත කරලා නෑ. ගිවිසුම් ගැන කියලා නෑ. නලින්ද ජයතිස්ස කිව්වා ගිවිසුම් අත්සන් කරන අතරේ ඒ ගැන කියන්නම් කියලා. කිව්වෙ නෑ. එරංග කියලා තියනවා දවස් තුනකට පස්සේ කියන්නම් කියලා. අපි බලන් ඉන්නවා දවස් තුනකට පස්සේ කියයි ද කියලා. ”

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

“රජයේ නිලධාරීන්ගෙ තොරතුරු අනුව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව මේ ගිවිසුම්වල අන්තර්ගතය මේවා. මේවා නොවෙයි නම් වාහාම රජය ගිවිසුම්වල අන්තර්ගතය ඉදිරිපත් කරන්න. අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගිවිසුම් ඉල්ලුවා. තවම ඒවා ලැබිලා නෑ. ජනතාවට අයිතියක් තියනවා මේවා බලන්න. ජනතාවට නොකියා ගිවිසුම් අත්සන් කරලා තියනවා නම් රජය ලෑස්ති වෙන්න ජනතාවට වග කියන්න.”

“අත්සන් කළ එක් ගිවිසුමක් ග්‍රිඩ් කනෙක්ටිවිටි ගිවිසුම. ඒ කියන්නේ පැවතුන පනත අනුව ලංකාවේ විදුලිබල පද්ධති කොහාටවත් සම්බන්ධ කරන්න බෑ. ඒක ලංකාවේ ස්වාධිපත්‍ය පිළිබඳ බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා තමයි එහෙම ගිවිසුම් ගහලා ඒ විදිහට සම්බන්ධ කරන්න බෑ කියලා තිබුණෙ. ඊලඟට රනිල් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලාගෙ පාලන සමයේ කාංචන විජේසේකර ඇමතිවරයා විදිහට ගෙනාවා 2024 අංක 36 පනත. ඒ පනතේ තමයි මේ ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධති දෙක ඒකාබද්ධ කිරීම සඳහාවන ප්‍රතිපාදන අඩංගු වුනේ. ”

“ඒ කාලේ මේ ආණ්ඩුවේ ජාතික ජන බලවේගයේ කට්ටිය ඒකට විරුද්ධ වුනා. ඒකට විරුද්ධව නඩු දැම්මා වර්තමාන විදුලිබල ඇමති කුමාර ජයකොඩි. නමුත් දැන් අය බලයට ආවට පසසේ ඒ පනත අවලංගු කරන්නේ නැතිව, ඒ පනත බලාත්මක කරලා ඒ පනත ඔස්සේ ගිවිසුම් අත්සන් කරමින් ඉන්නවා. ඒ ගොල්ලම විරුද්ධ වෙචිච් පනතට ඒ ගොල්ලම උසාවියට ගිය පනතක් සම්බන්ධව ඒ පනතට අදාල නීතිය දැන් ඒ ගොල්ල සම්මත කරමින් ඉන්නවා. ”

“මේකේදි ඒගොල්ල කියනවා එක එක කතන්දර. අපේ අතිරික්ත විදුලිය විකුණන්න පුලුවන්. විදුලිය මදි වෙනකොට ගන්න පුලුවන් වගේ ලොකු කතා කියනවා. අපිට ඒවට නම් කියන්න තියෙන්නේ බයිලා ගහන්න එපා කියලා තමයි. ”

“අපි දිගටම අභියෝග කළා… කුමාර ජයකොඩි කියන විදුලි බල ඇමති ඉන්නවා… මිනිහා ලයිට් ගිය වෙලාවට විතරයි පේන්න ඉන්නේ. ඒ වෙලාවට පැනල වඳුරෙක් පැන්නා හරි මොක්ක හරි කියනවා. රටේ කිසිම වැදගත් කරුණකදි ප්‍රකාශයක් කරන්නෙත් නෑ. වගකීමක් භාර ගන්නෙත් නෑ.”

“අපි දැන් හරි එයාට කියනවා ඇවිත් කියන්න කියලා මොකක්ද මේ ගිවිසුම කියලා. ඉන්දියාව වෙනත් රටවල් සමග ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධති එකතු කරපු අවස්ථා ගත්තට පස්සේ බලන්න.

නේපාලය – දැන් නේපාලයේ තත්ත්වය මොකක්ද?. නේපාලයේ ජල විදුලිය තමයි වැඩිම ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට ඔය තර්කමය තමයි නේපාලයටත් කිව්වේ. වැස්ස කාලෙට ඉන්දියාවට විදුලිය විකුණන්න පුලුවන්. වැස්ස අඩු කාලෙට විදුලිය ඉන්දියාවෙන් ගන්න පුලුවන් කියලා කිව්වා. හැබැයි දැන් මොකක්ද වෙලා තිනේනේ. වෙලා තියෙන එක තමයි චීනය සහ රුසියාව ජල විදුලි බලාගාර දුන්නා නේපාලයට. ඒ ජලවිදුලි බලාගාරවල විදුලිය අපි මිලට ගන්නේ නෑ කියලා ඉන්දියාව කොන්දේසියක් දැම්මා. අන්තිමට දැන් වෙලා තියෙන්නේ වැස්ස කාලෙදිත් වහින වතුර ජලාශයෙන් එළියට යවලා ඉන්දියාවෙන් විදුලිය මිලට ගන්න දැන් නේපාලයට සිද්ධ වෙලා තියනවා ගිවිසුම් අනුව. නේපාලය පැටලිලා ඉන්නේ එතන. මේ අය ලංකාවට කරන්න යන්නෙත් ඒකද?

බංගලාදේශය – මේ ගොල්ල විදුලි බල සැපයුමට ගිහිල්ලා අන්තිමට බිල් ගෙව්වේ නෑ කියලා සති දෙකක් බංගලාදේශය අඳුරේ තිබ්බා අදානි සමාගම. මේවා හරි පැහැදිලියි අනෙක් රටවලට වෙච්චි දේවල්. නේපාලය බංගලාදේශය වගේ රටවල් මේකෙන් මිදෙන්න යද්දි ලංකාව ඒකෙ පැටලෙන්න යනවා.

අනෙක් පැත්තේන් ලංකාවේ සූර්ය බලයට අදාලව නෙට් ++ ක්‍රමය හරහා මැදිහත් වුනා සූර්ය බලය නිශ්පාදනයට. ඒක නවත්වලා දැම්මා. ගිය අවුරුද්දේ පියැසි මට සූර්ය බලය හරහා මෙගාවොට් 600ක් නිශ්පාදනය කළා. මෙතන අනුර දිසානායකල උඩ පනිනවා සාම්පූර්වලින් මෙගාවොට් 50ක් දෙනවා කියලා. සාම්පූර්වලින් මෙගා වොට් 50ක් දෙන්නේ කොහොමද?. ඒ දෙන්න අදානිට එකඟතාවය දෙන්න ඊයේ ගිවිසුම් අත්සන් කරද්දි ලංකාවෙ ජනතාව මෙගාවොට් 600ක් ජාතික විදුලි බල පද්ධතියට දායාද කරලා තියනවා. ඒ ජනතාවට මේකට මැදිහත් වීමේ අවස්ථාව නැති කරලා තියනවා.

දැන් අන්තිමට වෙන්නේ ඉන්දියාව නේපාලයෙ බංගලාදේශයේ දි කළා වගේම ලංකාවෙදි කරන්න යන්නේ ඒ ගොල්ලන්ගේ ආර්ථික අවශ්‍යතාවයට අවශ්‍ය කරන විදුලිය ලංකාවේ නිශ්පාදනයය කරලා එහෙට ගන්නනේ මේ හදන්න යන්නේ. ලංකාවේ බල ශක්ති ස්වෛරීත්වයට අත පෙවීම එක අරමුණක්. දෙවනුව ඒ අයගෙ රට ඇතුළෙ බලාගාර හදලා ඒකෙන් සිදුවන පරිසර විනාශයන් හිතද්දි ඊට වඩා හොඳයි ලංකාවේ හදලා ඒ ගොල්ල ගන්නවා කියන එක.

මේක තමයි මේ උත්සව පවත්වලා මාර නියම වැඩක් කළා කියලා අනුරලා කියන්නේ. මේ ග්‍රිඩ් කනෙක්ටිවිටි සම්බන්ධයෙන් නම් වර්තමාන විදුලිබල ඇමති ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන්න පෙත්සම බැලුවා නම් හරි. එකේ තියනවා මේකෙන් වෙන හානිය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෝදි ශ්‍රී ලංකා නිල සංචාරය නිම කර පිටව යයි!

Next Post

තීරු බදු අර්බුදය… ශ්‍රී ලංකා නියෝජිතයින් ඇමරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග සාකච්ඡාවක…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.