මාතර – සම්පත්
නිවසේ සුරතලයට ඇති කළ කළ රුපියල් පනස් පන්දහසක් වටිනා බොක්සර් වර්ගයේ සුනඛයකු සොරකම් කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සහ එය මිලට ගත් සැකකරු ඇතුළු තිදෙනෙක් කොටවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙම සුනඛයා සොරා ගෙන වැලිගම දෙනිපිටිය ප්‍රදේශය පුද්ගලයෙකුට විකුණා තිබේ.
කොහුවල සුල්තානාගොඩ ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා නිලධාරියකුගේ නිවසින් මෙම සුනඛයා සිරා ගෙන ඇත්තේ ගුවන් හමුදා නිලධාරියාගේ මව පමණක් නිවසේ සිටින අවස්ථාවේදී ය.
පසුව කොටගෙන පොලිස් නිලධාරීන් විසින් කළ පරීක්ෂණවලින් පසුව සුනකයා සොරා ගැනීමට පැමිණි තිරෝද රථය සහ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් පසු සුනඛයා සහ සුනඛයා මිලදී ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අධික ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම ඇබ්බැහි වූ දරුවන් දෙදෙනෙකු වූ දරුවන් දෙදෙනෙකු හෙරොයින් පානය කිරීම සඳහා මෙම සුනඛයා සොරාගෙන විකුණා තිබේ.
මීට පෙරද මෙම සැකකරුවන් දෙදෙනාට හෙරොයින් පානය කිරීම ඇතුළු චෝදනා රැසකට බන්ධනාගාර ගත වී ඇති අතර තවත් චෝදනා ද ඇති බව පොලීසිය තහවුරු කරයි.
කොටවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සී හෙට්පී හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරින් මෙම වැටලීම සිදු කර සැකකරුවන් තිදෙනා අත්තඩංගුවට ගෙන තිබේ.







