අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිල් චිත්‍රපට නිලියක් සමග තමන්ගේ සම්බන්ධය වසා ගන්න ගොස් ඓතිහාසික අපරාධ නඩුවකට පැටලුන ට්‍රම්ප්…

නිව්යෝර්ක්හි දී ආරම්භ වන ඓතිහාසික හෂ්-මුදල් නඩු විභාගයේ මුල මැද අග...

by editor
අප්‍රේල් 15, 2024 - Updated on අප්‍රේල් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (සඳුදා) නිව්යෝර්ක් උසාවියට පැමිණියේය. ඒ, අපරාධ නඩු විභාගයට පෙනී සිටීම සඳහාය.

ඒ අනුව එලෙස අපරාධ නඩුවකට පෙනී සිටින පළමු හිටපු අමෙරිකානු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවට පත්වනු ඇත.

2016 වසරේ පැවැති ජනාධිපතිවරණයට ටික කලකට පෙර හිටපු වැඩිහිටි චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙත කරන ලද මුදල් ගෙවීමක් සැගවීම සඳහා සිය ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබේ.

මේවනවිට 77 හැවිරිදි වියේ පසුවන ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වුවහොත් ඔහුට උපරිම වශයෙන් වසර හතරක සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇත. එහෙත් සිරගත වීම වළක්වා ඒ වෙනුවට දඩයක් නියම කිරීමේ හැකියාව ද පවතින බව පැවසෙයි.

ට්‍රම්ප් තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර වරදකරු බව ද ප්‍රතික්ෂේප කරයි.

ට්‍රම්ප්ගේ ඓතිහාසික නඩු විභාගය ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අවාසිදායකව සිදුවනු ඇත.

කෙසේවෙතත් අමෙරිකාවේ ඡන්දදායකයින් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට මාස කිහිපයකට පෙර රිපබ්ලිකන් අපේක්ෂකයා වරදකරුවෙකු බවට පත් වනු දැකිය හැකි බව පැවසේ.

එය පෙර නොවූ විරූ දෙයක් බව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි පාසලේ ඉතිහාසය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මහාචාර්ය ඇලෙක්ස් කීසර් පැවසුවේය. “ඒකට සංසන්දනය කරන්න පුළුවන් කිසිම දෙයක් නෑ ” ඔහු පැවසීය.

ජූරි සභා තේරීමකින් සඳුදා ආරම්භ වන නඩු විභාගය සති හයේ සිට අට දක්වා කාලයක් තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේවෙතත් ට්‍රම්ප්ගේ නිරවද්‍යතාව ඔහු වෙනුවෙන් විධිවිධාන සලසන පුද්ගලයෙක් වන මයිකල් කොහෙන් වටා කේන්ද්‍රගත වනු ඇත.

57 හැවිරිදි කොහෙන් කියා සිටින්නේ ඩැනියෙල්ස් සහ ට්‍රම්ප් සමග පැවැති සම්බන්ධයක් වසන් කර නිහඬව සිටීම වෙනුවෙන් ඇයට ඩොලර් 130,000 ක් ගෙවීමට තමාට නියම වූ බවයි. එය 2016 මැතිවරණයට නීති විරෝධී ලෙස බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස නඩු පවරන්නන් විසින් චෝදනා කර ඇත.

ඩැනියෙල්ස් සහ ට්‍රම්ප්…

හෂ් මුදල් ගෙවීම් නීති විරෝධී නොවේ. නමුත් මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපති කාර්යාලය චෝදනා කරන්නේ ට්‍රම්ප් එවැනි ගෙවීමක් නීතිමය වියදම් ලෙස අනිසි ලෙස සටහන් කිරීමට කොහෙන්ට උපදෙස් ලබාදීමෙන් අපරාධයක් කර ඇති බවයි.

සමස්තයක් වශයෙන් ගත් කල, ව්‍යාපාර වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම පිළිබඳ අපරාධ 34 ක් සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වි තිබේ.

ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කිරීම සඳහා, නිශ්චිත චෝදනාවකට ට්‍රම්ප් වැරදිකරුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතුයි.

මෑන්හැටන් හි නඩු විභාගයේදී ට්‍රම්ප්ගේ පුද්ගලික නීතිඥ ඩැනියෙල්ස් සහ කොහෙන් ඇතුළු නඩුවේ ප්‍රධාන චරිත රැසක සාක්ෂි ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

ව්‍යාපාරික වාර්තාවල සත්‍යභාවය සහ ඊට අදාලව අපරාධ චෝදනා ගෙන ඒම සඳහා නීතිමය ප්‍රවේශයක් වෙනුවෙන් පැමිණිල්ලේ ප්‍රබලත්වය පිළිබඳව විශේෂඥයින් බෙදී සිටින බව ද සඳහන්ය.

ජූරි නඩු විභාගය ප්‍රමාද කිරීමට සහ එය ඩිමොක්‍රටි ස්මාජිකයින්ගෙන් සමන්විත මෑන්හැටන් වෙතින් ඉවතට ගෙන යාමට ඩොනල්ඩ් ට්‍රම්ප් අසාර්ථක උත්සාහයන් කිහිපයක් ගෙන තිබුණි.

එම නඩු විභාගය දේශපාලන බලපෑම් මත සිදුවන්නක් බවට ට්‍රම්ප් පුන පුනා ප්‍රකාශ කිරීම හේතුවෙන් සාක්ෂිකරුවන් ඇතුළු නඩුවට අදාළ පුද්ගලයින් පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දැක්වීම තහනම් කරමින් විනිසුරුවරයා විසින් ඔහුට නියෝග කර තිබුණි.

අනතුරුව ට්‍රම්ප් විසින් විනිසුරුවරයාගේ දියණිය වෙත වාග් ප්‍රහාර එල්ල කිරීම හා ‘ට්‍රම්ප් වෛරක්කාරිය’ ලෙස හැඳින්වීමෙන් පසුව අදාළ නියෝගය දීර්ඝ කරන ලදී.

කෙසේවෙතත් ට්‍රම්ප් ප්‍රචාරක ව්‍යාපාරය කියා සිටියේ මෙම විහිළු නියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හා ඔහුගේ භාෂණයේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි.

මෙම අපරාධ නඩුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම වසරේ මුහුණ දෙන නඩු හතරෙන් එකක් පමණි.

ට්‍රම්ප්..

නමුත් 2024 ජනාධිපතිවරණයට පෙර සිදු වන එකම නඩු විභාගය විය හැකියි.

මෙහිදී ට්‍රම්ප් වැරදිකරුවෙකු ලෙස ප්‍රකාශයට පත්වුව ද විශේෂඥයින් පවසන්නේ ඔහු සිරගත කිරීමට ඉඩක් නොමැති බවයි.

එසේ සිදුවුවත් අමෙරිකානු නීතිය යටතේ ඔහුට තවමත් ජනාධිපතිවරයෙකු ලෙස කටයුතු කළ හැකි වනු ඇත.

එහෙත් ට්‍රම්ප් වරදකරුවෙකු වුවහොත් අපරාධකරුවෙකු අමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව එය වනු ඇතැයි කීසර් පවසයි.

කෙසේවෙතත් ඡන්දදායකයින්ගෙන් සැලකිය යුතු කොටසකට එය බාධාවක් නොවන බව පෙනේ, “ට්‍රම්ප්ගේ ජනප්‍රියතාවයට ඔහුගේ අපරාධ අධිචෝදනා හේතුවෙන් හානියක් සිදුවී නොමැති “බව ද කීසර් පැවසීය.

එහෙත් මැතිවරණයට මාස කිහිපයක් ඉතිරිව තිබියදී නඩු විභාගය ප්‍රවෘත්තියක කේන්ද්‍රයක් වනු ඇත.

එහෙත් ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ රජයේ මහාචාර්ය හාන්ස් නොයෙල් පවසන්නේ ඉහළ අවධානය යොමු වන්නේ අධිකරණයෙන් ලැබෙන ඕනෑම පුවතක්, එය ට්‍රම්ප්ට සුභ හෝ අසුභ වුවත් එය හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන් අතර තරඟයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල හැකි බවයි.

“ඒක ඉතා ළඟින් යන මැතිවරණයක් වෙයි කියලා මම අපේක්ෂා කරනවා, ”ඒ නිසා ඕනෑම පුංචි දෙයක් වැදගත් වෙන්න පුළුවන් ” යනුවෙන් ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිඩ්නි වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහි ඇනුම කළ ඝාතකයා කාන්තාවන් විශේෂ ඉලක්ක කරගෙන… මිය ගිය 6න් 05ක් කාන්තාවන්… තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවෝ… ආරක්ෂක අංශ කියයි…

Next Post

වාහන ආනයනයට අවසර ලැබෙන ලකුණු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.