අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නිලමේලා ගේ “කුණු වලි“ ඓතිහාසික පෙරහර සම්ප්‍රදාය බිඳ දමයි!

by editor
අගෝස්තු 19, 2021
in පුවත්
perahara
Share on FacebookShare on Twitter

මහනුවර ඇසළ පෙරහර වීථි සංචාරය කළ ඊයේ (18) පළමු රන්දෝලි පෙරහර දින රාත්‍රියේ , පෙරහර අවසන් මොහොතේ විෂ්ණු සහ කතරගම දේවාල නිළමේවරුන් අතර අර්බුදයක් හටගෙන ඇති අයුරු වාර්තා වේ.

සතර මහ දේවාල වන නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල අතුරින් විෂ්ණු දේවාලය හැඳින්වෙන්නේ මහදේවාලය ලෙසය. ඉතිහාසගත සම්ප්‍රදාය අනුව , පෙරහර වීථි සංචාරය කර පළමුව පෙරහර අහවර කොට ගෙවදින්නේ දළදා මාළිග පෙරහරය. දළදා මාළිග පෙරහර නැවත සඳකඩ පහනින් ගොඩවී දළදා මාළිගය තුළට ඇතුළු වීමෙන් අනතුරුව දළදා පෙරහර හමාර වු බව වෙඩිල්ලකින් සංඛේතවත් කරයි.

පසුව පිළිවෙළට නාථ විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාල පෙරහර මාළිගා පරිශ්‍රයේ ඇති දේව සංහිඳ වෙතට පැමිණ නිළමේවරුන් සිවුදෙනා මුණගැසී පෙරහර ඉතාහොඳින් නිමවු බව ත් පසුදින සිදුවිය යුතු වෙනස්කම් ඇතුළු කරුණු සාකච්ඡා මුරට සහ දියට යන පිරිස් සම්බන්ධයෙන් මහා දේවාලයේ නිළමේවරයා ලබා දෙන විධානයන් ගෙන විසිර යාම ඉතිහාසගත සම්ප්‍රදාය බවද පැවසේ.

නමුත් ඊයේ (18) රාත්‍රියේ මෙම සම්ප්‍රදාය බිඳී ගිය බවක් වාර්තා වේ. මහදේවාලය හෙවත් විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ කිල්ලට හසුවීම (සමිපතම ඥාතියකුගේ මරණයක්) හේතුවෙන් පළමු රන්දෝලි පෙරහරට නොපැමිණ තිබේ. ඔහු වෙනුවෙන් පෙරහර ගමනට සහභාගි කොටගෙන ඇත්තේ අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ ජයම්පති හීන්කෙන්දය.

පෙරහර අවසානයේ සියළුම නිළමේවරු දේව සංහිඳට පැමිණෙන තුරු බලා සිටියද , කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර දේවසංහිඳට නොපැමිණ ජනාධිපති මන්දියරය අසලින් නැවත වතුරමල දෙසට හැරී කතරගම දේවාලය බලා ගමන් ගෙන තිබේ.

මෙය ඉතිහාසගත සම්ප්‍රදායක් බිඳ දැමිමක් මෙන්ම නිළමේවරයකු විසින් වැරදි පූර්වාදර්ශ ලබාදීමක් බව ජයම්පති හීන්කෙන්ද නිළමේවරයා ප්‍රකාශ කර සිටි.

“ සංහිදට පැමිණෙන සතර මහ දේවාල නිළමේවරු එතැනින් පිටව යන පිළිවෙතක් පවා තිබෙනවා . කතරගම දේවාලයේ නිළමේවරයා එම පිළිවෙත් සම්ප්‍රදායන් සියල්ල බිද දැමුවා. එය ඉතා නුසුදුසු ක්‍රියාවක්. මෙවැනි නිළමේවරුන් සඳහා නැවත තනතුරු ලබා දිමේදි ඔහු මෙතෙක් සම්ප්‍රදායන් ආරක්ෂා කර තිබෙනවාද නැද්ද යන්න පවා සැලකිල්ලට ගත යුතුයි. සමස්ථ බස්නායක නිළමේවරු ඔහු ගේ මෙම ක්‍රියාවට විරුද්ධයි. ..” යැයි ජයම්පති හීන්කෙන්ද ප්‍රකාශ කර සිටියේය.

මේ සම්බන්ධයෙන් විමසන කල කතරගම දේවාලයේ බස්නායක නිළමේ ගැමුණු වලිසුන්දර මෙසේ කීය.

“ මම මේ වෙද්දි තිස් හත් අවුරුද්දක් පෙරහරේ ගමන්කරනවා. සම්ප්‍රදායන් කැඩුවේ මම නෙවෙයි. විෂ්ණු දේවාලයේ බස්නායක නිළමේවරයායි. රත්වත්තේලා සම්ප්‍රදාය ඉගෙන ගන්න අවශ්‍යයි. පළවෙනි රන්දෝලි පෙරහරට මහදේවාලයේ බස්නායක නිළමේවරයා අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඕනැ. ඔහුට පෙරහරට සහභාගි වෙන්න බැරිනම් සිවිල් පිට සංහිඳට ඇවිත් ඉන්න ඕනැ. ගෙදරකට යන්න නම් ගෙදර අයිතිකාරයා ඉන්න අවශ්‍යයයි. ඒ වගේ තමයි මහ දේවාලයේත්. නිළමේවරයා හෝ ඔහු නොමැති නම් ඊට සුදුසු කෙනා එතනට යොදවා තැබිය යුතුයි. රත්වත්තේ නිළමේවරයා නැතිනම් එතනට ඊලඟ සුදුස්සා ලංකාතිලකයෙ බස්නායක නිළමේවරයායි. නමුත් මෙතනට යොදවලා තිබුණේ පිටිසර දේවාලක් වන සමන් දේවාල බස්නායක නිළමේවරයෙක්. මම තමයි සතරමහා දේවාලවලින් ජ්‍යේෂ්ඨතම නිළමේවරයා. මම මොකටද සම්ප්‍රදායන් බිඳින කෙනෙක් ලඟට යන්නේ.“

“දළදා මාලිගාවේ බස්නායක නිළමේවරයා පවා පෙරහරේ ගමන්ගත්තේ මුව ආවරණය කරලා. නැට්ටුවෝ නැටුවේ මුව ආවරණ දාලා. නමුත් විෂුණු දේවාලයේ නිළමේවරයා වෙනුවට ගමන්ගත් පුද්ගලයා පෙරහරට මුව ආවරණයක් දැම්මේ නැහැ. ලෝකයේ වසංගතයක් තියෙද්දි අපි පෙරහර කරන්නේ එක අතකින් මාරයත් අනිත් අතින් දෙවියොත් අරගෙන. විශේෂයෙන්ම මේ වන විට විෂ්ණු දේවාලයේ නැටුම් කණ්ඩායම් තුනක් කොවිඩ් ආසාදිතයන් බවට හඳුනා ගෙන තිබෙනවා. එවැනි පසුබිමක් යටතේ විෂ්ණු දේවාලය මේ වන විට සෞඛ්‍ය නීති උල්ලංඝණය කරලා. යම් හෙයකින් පෙරහර නිමවු පසුව කොවිඩ් පොකුරක් නිර්මාණය වුණොත් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුත්තේ විෂ්ණු දේවාලයයි.“

“මේ හේතුවත් සුදුසු පුද්ගලයකු යොදවා නොතිබීමත් කියන කාරණා මත මම සංහිදට ගියේ නැහැ තමයි.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරුන් 209ක්, හෙදියන් දහසකට අධික පිරිසක් මහජන සෞඛ්‍ය පරීක්වරුන් 37ක් කොවිඩ් ආසාදිතයි..

Next Post

අද කොවිඩ් ආසාදිත මරණ 186යි… දෛනික වැඩිම කොවිඩ් මරණ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.