රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සිදුකර ඇති විමර්ශන වාර්තාව ලබා දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමට සැලසුම් කර තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අදාල ලිපිය ඉදිරි දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන බවය.
විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරනු ඇති බවට එම දෙපාර්තමේන්තුව කියයි.
වහාම ක්‍රියාත්මකවන පරිදි නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් ඉවත් කිරීමට පොලිස් කොමිසම පසුගිය දා පියවර ගත්තේය. ඒ එල්ල වි තිබුණ සියලුම චෝදනාවලට ඔහු වරදකරු වීම හේතුවෙනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවෙන අවස්ථාවේ නිලන්ත ජයවර්ධන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.







