මනම්පිටිය නිමල් ජයරත්න –
එල්ටීටීඊ සංවිධානය මගින් අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල අහිංසක නිරායුධ මුස්ලිම් වැසියන් දෙසිය විසි එක් දෙනෙක්කපාකොටා සමූහ ඝාතනයක් සිදුකර 2023 අගෝස්තු එකොළොස් වෙනිදාට වසර 33 ක් පිරීම නිමිත්තෙන් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නගර කීපයකම වෙළඳසැල් වසා කළුකොඩි ඔසවා නගරවාසින් විරෝධතාවයක් ආරම්භ කර ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරේපත්තු, අඩ්ඩාලච්චේන, නින්දවූර්, සමන්තුරේ, සයින්දමරුදු, හා කල්මුණ යන මුස්ලිම් නගරවල වෙළඳසැල් හිමියන් ඔවුන්ගේ වෙළඳසැල් සම්පූර්ණයෙන් වසා වෙළඳසැල් ඉදිරිපිට සහ බස් නැවතුම් පොළවල්වල කළුකොඩි ඔසවා සමූහ ඝාතනයට එරෙහිව විරෝධතාවය පලකොට තිබේ,
මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන, එරාවුර්, ඔට්ටමාවඩි. කාත්තන්කුඩි. යන නගරවලද වෙළෙදසැල් වසා කළුකොඩි ඔසවා තිබේ.
එල්ටීටීඊ සංවිධානය මීට වසර 33 කට ඉහත තම ඥාතීන් දෙසීය විසි එක් දෙනෙක් කුරිරු ලෙස කපා කොටා සමූහ ඝාතනයක් කිරීම සිහිපත් කිරීමත්, එල්ටීටීඊ සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට මෙන්ම කැනඩාව ඇතුළු අනෙකුත් මානව හිමිකම් සංවිධානවලට ශ්‍රි ලංකාවේ ආරක්ෂක අංශ විවිධ අඩත්තේට්ටම් සිදුකර බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කර ඔවුන් සිදුකළ සාහසික ඝාතන වසන් කිරිමට ගන්නා උත්සාහ කිරීමටත් එරෙහිව මෙම විරෝධය පළ කරන බව විරෝධතාකරුවෝ කීහ.
නැගෙනහිර පළාතේ තම අහිංසක නිරායුධ වැසියන් ඝාතනය කිරීම හෙලා දැකීමටත් එවැනි ව්‍යසන යළි රට තුළ සිදුවීනොවීම සඳහා වගකිවයුත්තන්ට බල කිරීමට. වශයෙන් මෙම විරෝධය ක්‍රියාත්මක කරන බවද මඩකලපුව සහ අම්පාර ප්‍රදේශවල වෙළඳසැල් හිමියෝ සඳහන් කළහ.