ශ්‍රියානි විජේසිංහ
සිසේරියන් සැත්කම්වලදී භාවිතා කරන මාර්කේන් (marcaine) නමැති නිර්වින්දන ඖෂධය නොමැති වීම හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම නතර වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව ගැබිනි මවුවරුන් වෙනත් රෝහල් වෙත මාරු කර හැරීමට කටයුතු කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
මේ වන විට රෝහල සතුව පවතින්නේ එන්නත් දින දෙකකටවත් ප්‍රමාණවක් නොවන බව රෝහල් වෛද්‍යවරු පවසති.
රෝහලේ දැනට පවතින තත්වත්ය පිළිබඳ රෝහල් අධ්‍යක්ෂවරයා රෝහලේ දැනට පවතින අවදානම් තත්වය පිලිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත.
කළුතර නාගොඩ රෝහලට මසකට ගැබිනි මවුවරුන් හත්සියයකට ආසන්න පිරිසක් දරු ප්‍රසූතිය සදහා ගැබිනි මව්වරුන් ඇතුළත් වන අතර ඉන් මව්වරුන් දෙසියය පමණ පිරිසක් දරුවන් ප්‍රසූත කරනුයේ සිසේරියන් සැත්කම් මගින් යැයි රෝහල් වෛද්‍යවරු සඳහන් කරති.