බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පහරදීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අද නියෝග කළේය.
මෙම සිද්ධියට අදාලව හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් අද පැවැත්වීමට නියමිතව තිබුණ ද ප්‍රධාන සාක්ෂිකරු වූ පොලිස් රියදුරා මේ වනවිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
අනෙක් සාක්ෂිකරුවන්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස් අධිකාරී දසනාය යන අය රෝහලින් නික්ම ගිය ද ඔවුන්ට විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී ඇති බව පොලිසිය අධිකරණයට දැන්වූයේය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කීවේ පොලිය පෙරට්ටුව කල් දමමින් සැක කරුවන් දිගින් දිගටම බන්ධනාගාරගත කිරීමට උත්සාහ කරමින් සිටින බවය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව ලබන 19 දා දක්වා කල් තබා එතෙක් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම ගැටුම්කාරී අවස්ථාවේ දී කඳුළුගෑස් අවියක් පිපිරී මරණයට පත් වුණු පොලිස් නිලධාරියාගේ මළගෙදරට ඊයේ ( 11) සහභාගී වන ආකාරය ඔහුගේ මුහුණු පොතෙහි පල වී තිබිණි.