රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රාජ්‍ය ඇමති නිමල් ලංසාට කුඩුපට්ටම් වෙන්න ගහන බව කියමින් තරජනය කරන හඬ පටයක් නිකුත් වී තිබේ.
එම හඬ පටයේ ඉතා පැහැදිලිව සනත් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා නිමල් ලංසා රාජ්‍ය ඇමතිවරයා වෙත තර්ජනය කරන්නේ මෙසේය.
මගෙ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ උන්ට කියලා පාරවල් හදලා අපේ පාරවල් සේරම නතර කරලා… මම මාධ්‍ය සාකච්ඡාවක් තියලා ගහනවා… කුඩුපට්ටම් වෙන්න ගහනවා… මම උඹට ආයෙ කියන්නෙ නෑ නිමල් ලංසා.
උඹට මම කියන එක අහගෙන ඉන්න බෑනෙ. හෙට කළුවර ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසෙ ආනන්ද සරත් කුමාර පාරකට මුල් ගල තියනවා රණවරපිටිය. නවත්වනවා නම් නවත්වපන්.
හෙට ඒ මුල්ගල තිබ්බොත් හෙට හවස මාධ්‍ය සාකච්ඡාවක් තියලා උඹට ගහනවා. මතක තියාගනින්. මම උඹට ආයෙ කියන්නෙ නෑ…
මේ එම හඬපටය ද ලීඩර් වෙබ් අඩවියේ පළ කර තිබූ ආකාරයයි.