ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙමටගොඩ රුවන් නමැත්තාට නීති විරෝධී ආකාරයෙන් උපයා ගත් බව කියන රුපියල් කෝටි 79ක දේපළ පොලිසියේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇති බව දිවයින පුවත්පත වාර්තා කරයි. මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් බව කියන මෙම දේපොළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන රුවන් මෙරට පුබල දේශපාලකයන් සමඟද සමීප සබඳකා පැවැත්වූ පුදගලයකු බව ට හඳුනාගෙන ඇත. ඔහු සතුව තිබී රාජසන්තක කළ දේපොළ අතර රුපියල් කෝටි 9ක් වටිනා අධි සුඛෝපභෝගී මෝටර් රථයක්, කෝටි 16ක් වටිනා ඉඩම් 3ක්, රත්ත‍්‍රං කිලෝ එකහාමරක්, රුපියල් කෝටි නවයක ස්ථාවර තැන්පතු ඇතුළු තවත් දේපොළ ඇති බව පොලිසිය සඳහන් කර ඇත. .
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් විශාල දේපොළ තොගයක් රාජසන්තක කළ මුල්ම අවස්ථාව මෙය බව පොලිස් ආරංචිමාර්ග උපුටා දක්වන දිවයින පවසයි.
මේ අතර දෙමටගොඩ රුවන්ට අයත් බව කියන සංචාරක හෝටල් කීපයක් ඇතුළු තවත් දේපොළ රැසක් රාජසන්තක කරීමට විමර්ශන ආරම්භ කර ඇත.
2017 වර්ෂයේ සිට මෙම පුද්ගලයා මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව විමර්ශණ වලින් හෙළිවී ඇති අතරඔහුගේ සොහොයුරා වන දෙමටගොඩ චමින්ද භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දඬුවම හිමිව සිටී. .