සංචරණ සීමා කඩකරමින් රජයේ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමකින් තොරව එස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට පා වී එන සුන් බුන් එකතු කළ පුද්ගලයන් 8ක් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
එහිදී එම භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගත් බව මධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.
වෙරළට ගොඩගසා තිබූ භාණ්ඩ රැගෙන යන අයුරු වීඩියෝ දර්ශනවල ඇති බවත් එම වීඩියෝ දර්ශන පරීක්ෂා කරමින් වෙරළට ගොඩගසන භාණ්ඩ රැගෙන ගිය අනේක පිරිස් ද අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම දියත් කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දුන්නේය.
පමුණුව, මීගමුව, කොච්චිකඩේ, දුංගොල්පිටිය ප්‍රදේශවල වෙරළ තීරයේ හා ඒ අවට ඊයේ (26) රාත්‍රිෙය් මෙම සෝදිසි මෙහෙයුම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.