රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු පොලිස් අඳිරි නීතිය පනවා ඇත. මේ වනවිට උද්ගත වී ඇති තත්ත්වය අනුව පොලිස්පතිවරයා විසින් මෙම ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
මෙම පුදේශයේ ජනතාවට මෙම පොලිස් ඇඳිරි නිති තත්ත්වයට අවනත ව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින පොලිසිය රඹුක්කන හරහා ගමන් බිමන් යන පුද්ගලයන්ට මෙම ප්‍රදේශය මඟ හරින විකල්ප මාර්ග භාවිත කරන ලෙසද ඉල්ලා සිටී.
අද අලුයම සිට රඹුක්කන විරෝධතා දැක්වූ පිරිස පළවා හැරීම සඳහා කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී උද්ගතවූ ගැටුම්කාරී තත්ත්වය මත පොලිස් වෙඩි කැබීමක්ද සිදුවිය. මෙයින් එක් පුද්ගලයකු මේ වනවිට මියගොස් ඇති අතර තවත් පුද්ගලයන් 24ක් තුවාල ලබා ඇත. මෙ අතරින් එක් පුද්ගලයකු ඉතා දැඩි අසාධ්‍ය තත්ත්වයකින් කෑගල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සඳහන් වේ.