වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ අද (29) පත් වී ඇත.
ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (29) එම තනතුරේ දිවුරුම් දුන්නේය. බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන අතර සිදුවූ බරපතල විනය විරෝධී කටයුත්තක් හේතුවෙන් ඔහුට එම අමාත්‍ය ධූරයෙන් පහ කර තිබිණි.
අද ලොහාන් රත්වත්ත නව තනතුරේ දිවුරුම් දුන් අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද එක්විය.