හිටපු යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක සමගි ජන බලවේගයට (SJB) සම්බන්ධ වී තිබේ.
ඔහු එම පක්ෂයේ රාජ්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස පත් කර ඇති බව විපක්ෂ නායක කාර්යාලය පවසයි.
ජෙනරාල් රත්නායක සිය සාමාජිකත්වය සහ පක්ෂයේ ධූරය ලබා ගත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතිනි.
එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී ඔහු ශ්‍රී ලංකා හමුදාවේ පාබල හමුදාවේ ප්‍රධානියා වූ අතර හිටපු එල්ටීටීඊ සටන්කාමීන් පුනරුත්ථාපනය කිරීමේ වගකීම ද දැරුවේය.