බරපතල අර්බුදයකට පත් වී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට දැඩි අවදානම් සහිත රාජකාරියේ නියුතු සෞඛ්‍ය අංශවල හා ආරක්ෂක අංශවල සේවක පිරිස් ලක්ෂ ගණනක් සිටිය දී එම එන්නතේ දෙවැනි මාත්‍රාව කාසල් කාන්තා රෝහලේ රහසිගත කුටියක ඉහළමපෙළේ ප්‍රභූ වරුන් පිරිසකට හා ඔවුන්ගේ ඥාතීන් කණ්ඩායමකට ලබා දුන් පුවතක් වාර්තා වේ.
මේ ප්‍රභූවරුන් අතර රජයේ ප්‍රබල ඇමතිවරුන් ද සිටි බව එම වාර්තා සනාථ කරයි.
මේ ආකාරයට කොළඹ නගරසභාව හරහා රහසිගතව සංවිධානය කරගත් ස්ථාන කීපයක විටින් විට ප්‍රභූ පිරිස් හා ඔවුන්ගේ ඥාතිවරුන්ට මෙම එන්නතේ දෙවන මාත්‍රාව මීට පෙර ලබා දී ඇති බව ද එම ආරංචි මාර්ග හෙළි කරයි.