ගැබිනි මව්වරුන්ට හැකි ඉක්මනින් කොවිඩ් මර්දනය සදහා සුදුසු එන්නතක් ලබා දීමට කටයුතු නොකළහොක් මාසයක් තුල මාතෘ මරණ 20ක් පමණ සිදුවීමේ අවදානමක් පවතින බව කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් සදහන් කරයි.
ඇමරිකාවේ ගර්භනී කාන්තාවන් 60000 සහ එංගලන්යේ ගර්භණී මව්වරුන් 16000ට මේ වන විට කොවිඩ් එන්නත ලබා දී ඇති බවත් එහිදි කිසිදු අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් නොකර ඇති බවත් හෙතෙම පෙන්වාදේ.
මේ අනුව ගර්භනී මව්වරුන්ට සුදුසු යැයි නිර්දේශ කර තිබෙන එන්නතක් වහාම ඇනවුම් කර ලබා දීමට කටයුතු කිරිම මගින් සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වයන් බොහෝ දුරට වළක්වා ගත හැකි වන්නේ යැයි වෛද්‍ය ලැනරෝල් සඳහන් කරයි.