අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාමල් හරියට ඉන්ජෙක්ෂන් ගහල ඉක්මනට ලොකු කරපු බ්‍රොයිලර් කුකුළෙක් වගේ… විමල් හරියටම කියයි!

by editor
මාර්තු 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නාමල් රාජපක්ෂ   හරියට මාස 02කින් හදන බ්‍රොයිලර්  කුකුලෙක් වගේ   බවත් දිය හැකි සියලු ඉන්ජෙක්ෂන් දී කෙටිකලකින් උස් මහත් කොට පාර්ලිමේන්තු එවා ඇති බවත් ජාතික නිදහස් පෙරමුනේ නායක පාරලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු ඒ තත්වයට පත් කිරීමත්   බැසිල් රාජපක්ෂ ද්විත්ව රටවැසියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කොට පාර්ලිමේන්තු එවීමත්  යන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ගත් අමනෝඥ තීරණ දෙක නිසා රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට සදහටම අවසන් වී ඇති බව මන්ත්‍රිවරයා පැවසූයේ අම්බලන්තොට ජන හමුවක් අමතමිනි.

ෙපසුගියදා අම්බලන්තොට කමත  හෝටල් පරිශ්‍රයේදී පැවැති නිදහස් ජනතා සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රියාකාරී හමුව අමතමින්  විමල් වීරවංශ මෙසේ කීවේය.‍

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මේ ඉරණමට ලක්වීමට වෙන්නේ නැහැ, එදා ඒ විදිහට නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු එවීමේ ඒ ගොන් අමන තීරණය නොගත්තා නම් සහ බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසියාට පාර්ලිමේන්තු එන්න පුළුවන් විදිහට ව්‍යවස්ථා සංශෝධන කරන්න නොගියා නම්.

එහෙම නම් මීට වඩා ප්‍රගතිශීලී, සංවාදශීලී ආණ්ඩු පාලනයක් ගෙනයාමට තිබුණා. රාජපක්ෂලා ඉවරෙටම ඉවර කර ගැනීමට බලපෑ ප්‍රධාන හේතු දෙක මා ඉහත කී හේතු දෙකයි. නමුත් එයාලා අදටත් මේක පිළිගන්නේ නැහැ.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

2015දී පැරදුණාට පස්සේ අපි බොහොම අමාරුවෙන් කරේ තියාගෙන ඇවිත් ඔසවා තැබුවා. අපි හිතුවා වළකට වැටුණු නිසා මොළයට ලාභයක් කරගෙන ඇති කියා. 2015දී යන්න වුණේ පවුල් පාලන චෝදනාවට. එදා කැබිනට් මණ්ඩලයේ හිටියේ රාජපක්ෂවරුන් හතරයි. නමුත් 2019දී මේක බින්දුවට නැතත් එකට, දෙකට හෝ අඩු වෙයි, කියා අපි හිතුවා. නමුත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන ආකාරයට කැබිනට් ඇමතිවරු  පහක් වුණා.  ඊට අමතරව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වෙලා ශෂීන්ද්‍ර රාජපක්ෂ හිටියා. බාල පොහොර ගොවියාට දීලා, ඔහුව පීඩාවට පත් කිරීමට මූලික වගකිවයුත්තා ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ රාජපක්ෂවරුන්ගේ වරිග සභා දේශපාලනය තමයි ඔවුන් අද මේ තත්ත්වයට ඇදවැටීමටත් රට දේශපාලන වශයෙන් අරාජික වීමටත් මූලික හේතුව.

මේ විදියට ඉස්සරහට යන්න බැහැ කියලා අපි කියන්න ඕන හැම විදියකින්ම කිව්වා. ඒත් ඇහුවේ නැහැ ඉන්පසු අපි තීරණය කළා, මේ රටේ ජනතාව මේ වරිග සභා දේශපාලනයෙන් ගලවලා නිර්ප්‍රභූ පැලැන්තියට, අපේ සාමාන්‍ය අම්මා තාත්තාගේ දූ දරුවන්ට මේ රටේ දේශපාලන බලය මාරු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය නායකත්වය කවර අභියෝග, දුෂ්කරතා මැද වුවත් ලබා දිය යුතුයි කියලා.

මේ ආර්ථික අර්බුදය පැමිණෙන එක නතර කරගන්න අපටත් බැරිවුණානේ කියන පසුතැවීම අපටත් තිබෙනවා. ඒ පසුතැවීමෙන් නිදහස් වෙනවා කියන්නේ ‘මේ දීන දේශපාලන ක්‍රමය වෙනස් කරලා, අලුත් මාවතකට මේ රට රැගෙන යනවා‘ කියන එක. ඒක අපි කරනවා.

එදා 2015දී මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා දිනකට හෝ දෙකකට පස්සෙ මම මැදමුලනට ගියා. ඔහු සමග එදා කෑම කමින් කතා කරනකොට මම කිව්වා  රටේ ජනතාව තුළ තියෙනවා ඔබතුමාගේ පරාජය පිළිබඳව කම්පනයක්. අපි හැකි ඉක්මනින් ජනතාව ඒකරාශී කරන්න රැලියක් පවත්වමු!‘ කියලා. ‘පිස්සුද විමල් අපේ ශ්‍රී ලංකාකාරයා පැරදුනාම ලේසියෙන්  නැගිට්ටවන්න බැහැ කියලා තමයි මහින්ද මහත්තයා එදා කීවේ.

‘අතීතයට අදාළව එහෙම වෙන්න ඇති. හැබැයි දැන් එහෙම නොවෙයි කියලා මම කීවා. ඉන්පසුව තමයි ‘විමල් – දිනේෂ් – වාසු – ගම්මන්පිල අපි හතරදෙනා එකතුවෙලා සාකච්ඡා කරලා 2015 පෙබරවාරි 18 වැනිදා නුගේගොඩ මහා රැලිය සංවිධානය කළේ. එහෙම දැවැන්ත රැලියක් කරන්න පුළුවන් කියලා මහින්ද මහත්තයාවත් විශ්වාස කළේ නැහැ. එතුමන්ගෙන් අපි ඉල්ලුවාම එදාට සිදු කරන ප්‍රකාශය විමල්ම ලියාගන්න කීවා. අපිම ලියාගෙන බැලුවාම ඒක කියවන්නවත් කෙනෙක් හිටියේ නැහැ. අපට බැහැනේ ඒක කියවන්න. ඒකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අය බය වුණා මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරලා අධිකරණ ක්‍රියාමාර්ග ගනී කියලා.

අන්තිමේදී දයාන් ජයතිලක මහත්තයා කැමැති කරවාගෙන ඒක කියවාගත්තා. අපි එවැනි අභියෝගවලට කර ගහලා තමයි ‘මහින්ද සුළඟ‘ ජයග්‍රහණයෙන් කෙළවර කළේ. කවුරුහරි හිතනවා නම් අපි විවෘත කරන්නේ ජයග්‍රාහී නොවන මාවතක් කියලා, අපි ඔප්පු කරල පෙන්වනවා, මේක තමයි ජයග්‍රාහී මාවත කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දරුවන්ට අමානුෂිකව පහර දුන් මහනුවර පුද්ගලික පාසලේ විදුහල්පති සහ ගුරුවරු 05ක් ලබන 20 තෙක් රිමාන්ඩ්…

Next Post

හෙට කෝච්චි දුවන හැටි… සෑම දුම්රිය ස්ථානයකට පොලිස් කණ්ඩායමක්!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.