කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේ දී සිදු වී ඇතැ යි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට එරෙහි ව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජූනි 21 වැනි දා යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අද (01) නියෝග කළේය.
රුපියල් මිලියන 70ක පමණ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු ව ඇති බවට දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණීල්ලකට අනුව මෙම විමර්ශනය සිදුවිය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර තිබේ.