අග්‍රාමාත්‍යවරයා ශල්‍යකර්මයකට ලක් වී සිටින බව වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ අද (27) ගම්පොලදී ප්‍රකාශ කළේය.
ගම්පොල නාරන්විට ශ්‍රී සම්බුද්ධි ජයන්ති විහාරයේ සක්මන් බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවරණය කරන අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.
“ අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනා එතුමා හදිස්සියේ ශල්‍යකර්මයකට භාජනය වෙච්චි නිසා. සමරු කලාපයට එතුමාගෙ සුභාශිංශන පණිවිඩය නිකුත් කරලා තියනවා. “
එහෙත් ඊයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍යයට ප්‍රකාශ කළේ සිය පියා කිසිම ශල්‍යකර්මයක් සඳහා භාජනයනොකළ බවය.
“ මමයි තාත්තායි ලෙඩෙක් බලන්න ගියා. එච්චරයි. මාධ්‍ය වර්තා කරලා තිබුණා ශල්‍යකර්මයක් කරලා කියලා. සමහරවිට ලෙඩා මාරුවුනාද දන්නෙ නෑ.“
ඇමති නාමල් කීවේය.