මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව හඳුනා නොගත් පුද්ගල මළ සිරුරු දෙකක් කටුගස්තොට පොලිසිය විසින් ඊයේ (19) සොයාගෙන තිබේ.
කටුගස්තොට අලවතුගොඩ මාර්ගයට සමාන්තරව ඇති ඇල මාර්ගයේ සහ කටුගස්තොට නගරාසන්න මහවැලි ගඟේ තිබී මෙසේ හමුවී ඇත්තේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකකි.
එක් පුද්ගලයෙකුගේ වයස අවුරුදු 65ක් පමණ වනු ඇති බවත්, අනෙක් පුද්ගලයාගේ වයස අවුරුදු 70 වැඩි බවත් මරණ පරීක්ෂණවලදී හෙළිවුන බව දැනගන්නට තිබේ.
වයස අවුරුදු 70 වැඩි පුද්ගල සිරුර දින 05ක් පමණ දියෙහි තිබී ඇති අතර අනෙක් පුද්ගල සිරුර පැය 48කට පෙර මරණයට පත් වී ඇති බවද අනාවරණය වී ඇත.
මෘත දේහ කටුගස්තොට මූලික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර ඇති අතර එම සිරුරු දෙක අද මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට ගෙනඒමට නියමිතය.
මෙම පුද්ගලයින් මේ වනවිටත් හඳුනාගෙන නැත.