විකුම් වික්‍රමසිංහ:
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් සුභසාධන අංශයට මාරුකර යවා ඇත.
මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මහා පරිමාණ මත්කුඩු ජාවාරමකට සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වීම සහ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනත් මුල්කර ගනිමින් එම ස්ථානමාරුව ලබා දී ඇති බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාසරට පැවසීය.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ප්‍රධානියා වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති කේ.අපෝන්සු මහතාව පත්කර ඇති අතර වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව මෙම මාරුවීම් ක්‍රියාත්මක කර තිබේ.