පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය තුළ සේවයේ නිරතව සිටි අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහැවූ නිලධාරීන් තිදෙනෙක් හදුනාගෙන තිබේ.
එම නිලධාරීන් තිදෙනා පොලිස් විශේෂ කාර්ය බලකායේ සිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට කලකට පෙර අනුයුක්ත කරුණු පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකි.
මෙම නිලධාරීන් තිදෙනාගේ හැසිරීම් ගැන සැක සිතූ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සෙසු නිලධාරීන් ඔවුන් ගැන ඉහළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව කළ විමර්ශනයේදී ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කරන බව හෙළිවී ඇත. මේ වන විට ඔවුන් තිදෙනාව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් ඉවත්කර ඇති අතර පුනරුත්ථාපනයට අවශ්‍ය පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
පොලිසිය තුල සේවයේ නිරත නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේදැයි සොයා විමර්ශනයක් සිදුවන බව් එම විමර්ශනයට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කරන 400 ක් පමණ සිටින බව මේ වන විට හදුනාගෙන ඇතැයි ද එම නිලධාරියා කීය. ඉදිරියේදී කේටය මගින් භාවිතා කර ඇති මත්ද්‍රව්‍ය හදුනා ගැනීමේ උපකරණය යොදාගෙන මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හදුනා ගැනීමට පියවර ගන්නා බව ද එම නිලධාරියා වැඩිදුරටත් සදහන් කළේය.