සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

න්‍යෂ්ටික යුද්ධයකට සූදානම්…පුටින් ප්‍රකාශ කරයි!

by lankasara-editor
මාර්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

රුසියාවේ රාජ්‍යත්වයට හෝ ස්වාධීනත්වයට තර්ජනයක් ඇත්නම් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට, එනම් න්‍යෂ්ටික යුද්ධයකට රුසියාව සූදානම් බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අද ප්‍රකාශ කර තිබෙනවා.

රුසියානු මාධ්‍ය සමඟ අද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පුටින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත් ජනපදය, යුක්රේනයට හමුදා එවන්නේනම් එය ගැටුමේ තීව්‍ර වීමක් බව සඳහන් කල ඔහු න්‍යෂ්ටික යුද්ධයක් ඇති කරවන ආකාරයේ තත්වයන් එක්සත් ජනපදය විසින් වළක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන නමුත් එවැනි අවස්ථාවක් උදා වුවහොත් රුසියාවේ න්‍යෂ්ටික බලය ඒ සඳහා සූදානම් බවත් ප්‍රකාශ කර තිබෙනවා.

යුක්රේන යුධ පිටියේ න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට ඔබ කවදා හෝ සලකා බැලුවේ දැයි මාධ්‍ය විසින් ප්‍රශ්න කළ විට පුටින් ප්‍රතිචාර දැක්වූයේ ඒ සඳහා අවශ්‍යතාවයක් නොමැති බවයි. මොස්කව් යුක්රේනය තුළ සිය ඉලක්ක සපුරා ගනු ඇතැයි විශ්වාසය පළ කළ ඔහු, ඕනෑම ගනුදෙනුවක් සඳහා බටහිර රටවල ස්ථිර සහතිකයක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුනේ රුසියානු භූමියට හෝ යුක්රේනයට ඇමරිකානු හමුදා යොදවන්නේ නම්, රුසියාව එම පියවර මැදිහත්වීමක් ලෙස සලකන බව එක්සත් ජනපදය තේරුම් ගෙන ඇති බවයි.

බටහිර රටවල නායකයන් යුක්රේනයට රුසියාව පරාජය කරන බවට පොරොන්දු වී ඇති නමුත් වසර දෙකක යුද්ධයෙන් පසුව රුසියානු හමුදා යුක්රේන භූමියෙන් පහෙන් එකකට ආසන්න ප්‍රමාණයක පාලනය තමා සතු කර ගැනීමට සමත්ව තිබෙනවා. බටහිර රට වලට සාපේක්ෂව ඉතා වේගයෙන් සන්නද්ධ වෙමින් සිටින රුසියාවට එරෙහිව යුක්රේනයේ කියෙව් අගනුවර ට සහාය දෙන්නේ කෙසේදැයි බටහිර නායකයින්  සැලසුම් කරන විට කියෙව් අගනුවර පවසන්නේ තම ජාතික අනන්‍යතාවය මකා දැමීමට සැලසුම් කර ඇති අධිරාජ්‍ය පන්නයේ ආක්‍රමණික යුද්ධයකට එරෙහිව තමන් ආරක්ෂා වන බවයි. මේ අතර රුසියාව පවසන්නේ යුක්රේනයේ තම පාලනයට යටත්ව පවතින ප්‍රදේශ දැන් රුසියාව බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

න්‍යෂ්ටික යුද්ධය

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් රුසියාවේ අවසාන තීරණ ගන්නා පුද්ගලයා වන ව්ලැඩ්මීර් පුටින් අවධාරණය කරන්නේ අවි භාවිතා කිරීම සඳහා ක්‍රම තිබෙන බවත් ඔවුන්ට ඔවුන්ගේම මූලධර්ම තිබෙන බවත් ය. රුසියාව සහ එක්සත් ජනපදය ලෝකයේ න්‍යෂ්ටික අවිවලින් 90% කට වඩා පාලනය කරන ලොව විශාලතම න්‍යෂ්ටික බලවතුන් වේ. යුක්රේනය සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා සඳහා රුසියාව සූදානම් නමුත් ඒවා යථාර්ථය මත පදනම් විය යුතු බව පුටින් පවසා තිබෙනවා. පසුගිය මාසයේ විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය නතර කිරීම සඳහා යුක්රේනයේ සටන් විරාමයක් පිළිබඳ පුටින්ගේ යෝජනාව අතරමැදි සම්බන්ධතා වලින් පසුව එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවයි. එක්සත් ජනපදය න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරන්නේ නම් රුසියාවටද එයම කළ හැකි බව පසුව පුටින් ප්‍රකාශ කර තිබෙනවා. “එය අවශ්‍ය නොවේ.. අපි තවමත් ඒ ගැන සිතා බැලිය යුතුයි, නමුත් අපට එය කළ නොහැකි දෙයක් නොවේ” යැයි ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

එක්සත් ජනපද මධ්‍යම බුද්ධි අංශ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් මේ සතිය මුලදී අනතුරු අඟවා තිබුනේ බටහිර රටවල් යුක්රේනයට නිසි සහයෝගයක් ලබා නොදුනහොත්, චීනයේ ජනාධිපති ෂී ජින්පින්ගේ ද සහය හිමි රුසියාව කියෙව් අගනුවරට අයත් තවත් භූමි ප්‍රදේශයක් අහිමි කරනු ඇති බවටයි. රුසියාවේ හිටපු එක්සත් ජනපද තානාපතිවරයෙකු වූ බර්න්ස්, සාකච්ඡා වලට පෙර යුක්රේනයට ශක්තිමත් තත්ත්වයකට පැමිණීම සඳහා ඉඩ සැලසීමට සහාය දැක්වීමට අවශ්‍ය බව සෙනෙට් බුද්ධි කමිටුවට පවසා ඇති පසුබිමකයි තමා කිසිවෙකු විශ්වාස නොකරන බවත් සමථයකට පත් වුවහොත් රුසියාවට ඒ සඳහා ලිඛිත ආරක්ෂක සහතිකයක් අවශ්‍ය වනු ඇති බවත් පුටින් ප්‍රකාශ කර ඇත්තේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

14 හැවිරිදි දැරියක් අපයෝජනය කළ වරදට 17 හැවිරිදි දරුවෙක් අත් අඩංගුවට…

Next Post

කැනඩා මහකොමසාරිස් සහ ජාතික ජන බලවේගයේ නායක අතර හමුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.