ලෝක ක්‍රිකට් කවුන්සිලය මඟින් සංවිධානය කරන ක්‍රිකට් ලෝක ශූරතාවට සමගාමීව දිනුම් අදිනු ලබන ලොතරැයියකින් අමෙරිකානු ඩොලර් 85,000ක් දිනා ඇති බව පවසා එය ලබා දීමට අවශ්‍ය ගාස්තු ලෙස පවසමින් ප්‍රවීන රංගවේදී ඩබ්ලිව් ජයසිරි මහතාගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළ කොස්ගම තරුණයකු අත්අඩංගුවට ගැනීමට මූල්‍ය වංචා විමර්ශණ කොට්ඨාසය සමත් වී ඇත.
පානදුරේ හිරණ පදිංචි ජයසිරි මහතාට මෙම ලොතරැයියයෙන් විශාලක් මුදල් දිනා ඇති බව සූක්ෂම ලෙස ජංගම දුරකථන මාර්ගයෙන් දැනුවත් කර ඇති මෙම තරුණයා අතරමැදියකු ලෙස එය ලබාදීමට අවශ්‍ය ගාස්තු ලෙස මෙම මුදල් ලබාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම සැකකාර තරුණයා විසින් දෙන ලද බැංකු ගිණුමකට ජයසිරි මහතා තම බැංකු ගිණුම් හතරකින් අදාළ මුදල ලබා දී තිබේ.
මෙය වංචාවක් බවට දැන ඔහු පොලිසියේ මූල්‍ය වංචා ඒකකයට පැමිණිලි කොට ඇති අතර ඔවුන් එම බැංකු මුදල් බැර කළ බැංකු ගිණුම කොස්ගම අකරවිට ප්‍රදේශයේ පුද්ගලයකුගේ බව හදුනාගෙන තිබේ. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබේ.