බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව ලෝක ක්‍රමයක් සහ ඉන්දියාව

by Lanka Sara Editor
නොවැම්බර් 30, 2021 - Updated on දෙසැම්බර් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 හර්ෂ්  වර්ධන් ශ්‍රිංග්ලා – ඉන්දීය විදේශ ලේකම් 

කොවිඩ්-19 වෛරසය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින අතර පශ්චාත් වසංගත යථාර්ථයන් මතු වෙමින් පවතී. මේ පසුපස ඇත්තේ නැගී එන ලෝක ක්‍රමයක පදනම සකස් කරන, වර්ධනය වෙමින් පවතින අවබෝධයන් සහ සැලසුම් පද්ධතියකි.

ප්‍රායෝගික වශයෙන් බලන කළ අසීරු කාලයන්ට පසුව සමාජයක් නැවතත් යථා ස්වභාවයට පත් වේ. ආර්ථික නිෂ්පාදනය සහ ක්‍රියාකාරකම් ඉහළ යාමත් සමඟ ඉන්දීය ආර්ථිකය නැවතත් ශක්තිමත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කරයි. පෙර නොවූ විරූ පරිදි විශාල පරිමාණයකින් සහ සංකීර්ණත්වයකින් සිදු කරන ලද එන්නත්කරණ වැඩසටහන වාර්තාගත ලෙස අඩු කාලයකදී සෞඛ්‍යාරක්ෂාව 6ඉහළ නංවා ඇති අතර දුර්වලතා ද අවම කර ඇත. සාමාන්‍ය තත්ත්වයට පත් වීමට සහ ඉන් ඔබ්බට යාමට සියලු දේ සූදානමින් පවතී.

එබැවින් මෙය අගනා අවස්ථාවකි. මෙම මොහොතේදී ඉන්දියාව විසින් ගනු ලබන තීරණ වඩා හොඳ හෙට දිනක් වෙනුවෙන් එහි අපේක්ෂාවන් පිළිබඳ ඉඟියක් වේ.
අපට අවශ්‍ය වන්නේ වඩ වඩාත් එකිනෙකට සම්බන්ධ වූ ලෝකයක් බව වසංගතය විසින් පෙන්වා දෙන ලදී. පොදු ප්‍රශ්නවලට පොදු විසඳුම් පැවතිය යුතුය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා විසින් පසුගිය මාස කිහිපයේදී G7, G20, COP 26, පළමු ක්වොඩ් සමුළුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති වශයෙන්, BRICS සමුළුව සහ ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ රජයේ ප්‍රධානීන්ගේ සමුළුව යනාදී අන්තර්ජාතික සමුළුවලදී පශ්චාත් වසංගත ලෝකයේ අභියෝගයන්ට අදාළ වන නව ලෝක ක්‍රමයක් පිළිබඳව දැක්මක් ඉදිරිපත් කරන ලදී. එසේම එතුමා විවිධ දේශීය සහ අන්තර්ජාතික වේදිකා හරහා සැමට යහපත් හෙට දිනක් වෙනුවෙන් වන මෙම දැක්ම සමඟ ඉන්දීය ප්‍රමුඛතා සමපාත කරවන ක්‍රමෝපායන් සහ අභිමතාර්ථයන් කට්ටලයක් ද හඳුන්වා දුන්නේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

දේශගුණික විපර්යාස, ඉන්දියාව නායකත්වය සහ මඟපෙන්වීම ලබාදීමට කටයුතු කර ඇති ප්‍රධානතම ගෝලීය අභියෝගයකි. අපගේ සංවර්ධන අවශ්‍යතා හමුවේ වුව ද අප දේශගුණික විපර්යාසයන්ට එරෙහිව ශක්තිමත් කැපවීමක් පෙන්නුම් කර ඇත.
අග්‍රාමාත්‍යතුමා මෑතකදී ග්ලාස්ගෝ නුවර COP 26 සමුළුව අමතමින් පංචාම්රිත් සංකල්පය හරහා ඉන්දියාවේ දේශගුණික ඉලක්කය ඉදිරිපත් කළ අතර එය ප්‍රක්ෂිප්ත කාබන් විමෝචනය ටොන් බිලියනයකින් ද 2030 වන තෙක් කාබන් තීව්‍රතාවය සියයට 45 කට අඩුවෙන් ද 2070 වන විට “ශුද්ධ ශුන්‍යයක්” දක්වා ද අඩු කරන අතරතුර පොසිල නොවන ඉන්ධන මත පදනම් වූ බලශක්ති ධාරිතාවය ගිගා වොට් 500 දක්වා ඉහළ දැමීමට සහ අපගේ බලශක්ති අවශ්‍යතාවයෙන් 50%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට ඉන්දියාව වේගවත් ගමන් මඟකට අවතීර්ණ කර ඇත. එසේම අග්‍රාමාත්‍යතුමා සංවර්ධනය වෙමින් පවතින ලෝකය සැලකිලිමත් වන කරුණු ගෙනහැර දක්වමින් දේශගුණික මූල්‍යය සහ අඩු පිරිවැය තාක්ෂණයන් ලබා දීම සම්බන්ධයෙන් වන අභිලාෂයන් ඉහළ නංවන ලෙස සංවර්ධිත රටවලින් ඉල්ලා සිටියේය.
ඉන්දියාවේ මූලිකත්වයෙන් පිහිටුවන ලද ජාත්‍යන්තර සූර්යබල සන්ධානය සහ ආපදා ප්‍රත්‍යාස්ථ යටිතල පහසුකම් සඳහා වන එකතුව දේශගුණික විපර්යාස පාලනය සහ ඒ සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් හි වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට පටන් ගෙන ඇත. COP 26 සමුළුවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ගෝලීය මට්ටමකින් එකිනෙක සම්බන්ධ වූ සූර්ය බලශක්ති යටිතල පහසුකම් උදෙසා ‘එක් ඉරක්, එක් ලොවක්, එක් පද්ධතියක්’ යන ව්‍යාපෘතිය සහ මෙම සංවිධාන යටතේ පවතින සංවර්ධනය වෙමින් පවතින කුඩා දූපත් රාජ්‍යයන් හි දේශගුණික සහ ආපදා ප්‍රත්‍යාස්ථ යටිතල පහසුකම් සඳහා “ප්‍රත්‍යාස්ථ දූපත් රාජ්‍යයන් සඳහා යටිතල පහසුකම්” යන වැඩසටහන දියත් කරන ලදී.
ඉන්දියාව හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයේ ගෝලීය මධ්‍යස්ථානයක් වීමට ද ජාතික හයිඩ්‍රජන් මෙහෙවර යටතේ හරිත හයිඩ්‍රජන් අපනයනය කිරීමට ද අපේක්ෂා කරයි.

දේශගුණික විපර්යාසයන් අවම කිරීම උදෙසා තිරසාර ජීවන ක්‍රමයන් ප්‍රවර්ධනය කිරීම සඳහා අග්‍රාමාත්‍යතුමා විසින් කරන ලද ඉල්ලීම රෝමයේ පැවති G20 සමුළුවේදී විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් විය. එතුමා විසින් LIFE හෙවත් Lifestyle for Environment (පරිසරය උදෙසා ජීවන ක්‍රමය) නම් වූ “එක් වදනක්” ව්‍යාපාරය (One-Word Movement) යෝජනා කරන ලදී. තිරසාර ජීවන ක්‍රමයක් පිළිබඳ ඉන්දියාවේ ආදර්ශය ගෝලීය මට්ටමකින් අනුගමනය කිරීම දේශගුණික විපර්යාසයන්ට එරෙහිව අපගේ සටනේ පරිවර්තනීය වෙනසක් ඇති කරනු ඇත.
සැපයුම් දාම නිර්-අවදානමට ලක් කිරීමේ සහ ඒවා වඩා ප්‍රත්‍යාස්ථ කිරීමේ අවශ්‍යතාවය වසංගතය විසින් පෙන්වා දී ඇත. අපගේ සැපයුම් දාම වැඩිදියුණු කිරීම සඳහා විශ්වාසනීය මූලාශ්‍රය, විනිවිදභාවය සහ කාල රාමුව යන ප්‍රධාන කරුණු තුන මෝදි අග්‍රාමාත්‍යතුමා විසින් අවධාරණය කර ඇත.
ආත්ම නිර්භර් භාරත් අභියාන් හෙවත් ස්වයංපෝෂිත ඉන්දියාවක් සඳහා වන ව්‍යාපාරය ප්‍රත්‍යාස්ථභාවය සහ විශ්වාසනීයත්වය සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන අතර ඉන්දියාව විශ්වාසනීය සැපයුම් දාම මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අපේක්ෂා කරයි. මෙය ෆිස්කල් සහ මූල්‍ය සහයෝගය, ද්‍රවශීලතාවය ඉහළ නැංවීම, කර්මාන්ත සඳහා මූල්‍ය සහය ලබාදීම, ව්‍යාපාර කටයුතු සිදු කිරීම වඩා පහසු කිරීම සහ ඉහළ ඉලක්ක සහිත ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ හරහා ධාරිතාවය ඉහළ නැංවීම උදෙසා වන වඩා විශාල ප්‍රතිපත්ති රාමුවක කොටසකි. නිෂ්පාදනය හා බැඳුණු සුවිශේෂී දිරිගැන්වීම් පැකේජයක් හඳුන්වා දී තිබෙන අතර එතුළින් ආයෝජන ආකර්ෂණය කරගැනීමට, දේශීය නිෂ්පාදන කටයුතු ඉහළ නැංවීමට සහ ගෝලීය වශයෙන් තරඟකාරී ඉන්දීය ව්‍යාපාර නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දී ඇත. පෙරදී සීමා පනවා තිබූ අභ්‍යවකාශ, ආරක්ෂක සහ පරමාණුක බලශක්තිය වැනි ක්ෂේත්‍ර ඉහළ පෞද්ගලික සහභාගීත්වයක් සඳහා විවෘත කර ඇත.
ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් විසින් විසි එක් වන සියවසේ ශ්‍රම බලකායකට අධ්‍යාපනය ලබා දීමට සහ ඉන්දියාව ගෝලීය අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අවැසි රාමුව නිර්මාණය කර ඇත.
ඉන්දියාව සිය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ද විශාල වශයෙන් රාජ්‍ය ආයෝජන සිදු කරමින් සිටියි. අග්‍රාමාත්‍යතුමාගේ ගති ශක්ති – බහු ආකාර සම්බන්ධකතාවය සඳහා වන ජාතික මහා සැලැස්ම – තුළින් මනා ලෙස සම්බන්ධ වූ ඉන්දියාවක් නිර්මාණය කිරීමට නියමිතය. එය සම්බන්ධකතාවය සඳහා එකිනෙක හා බැඳුණු ප්‍රවේශයක් හඳුන්වා දෙන අතර ක්‍රියාත්මක කිරීමේ සහ ප්‍රතිපත්ති ආයතන පොදු වේදිකාවකට ගෙන එයි.
භෞතික යටිතල පහසුකම් වැඩිදියුණුව හා සමඟම ඩිජිටල් සම්බන්ධකතාවය, මූල්‍ය අන්තර්කරණය සහ ප්‍රතිශක්තිකරණය වැනි දේ හා සබැඳි තිරසාර සංවර්ධන අභිමතාර්ථ වෙත ද අවධානය යොමු කරනු ඇත. ලොව විශාලතම මූල්‍ය අන්තර්කරණ වැඩසටහන වන ජන් ධන්, ලොව විශාලතම ජෛවමිතික වැඩසටහන වන ආධාර් සහ ලොව විශාලතම ජංගම දුරකථන ජාලයක් ඇතුළත් වන JAM ත්‍රිත්වය, පරිවර්තනීය මට්ටමකින් ඍජු ප්‍රතිලාභ ලබා දීමට අවස්ථාව සලසා දී ඇත. මේ හරහා මේ වන විට මූල්‍ය තාක්ෂණ විප්ලවයක් සිදු වෙමින් පවතී. ජල් ජීවන් සහ ආයුෂ්මාන් භාරත් යන වැඩසටහන් සියලු ඉන්දියානුවන් සඳහා පිරිසිදු ජලය සහ සෞඛ්‍ය පහසුකම් ලබා දෙමින් ජීවිතවලට නව වෙනසක් ගෙන දෙමින් සිටියි.
තෙවන තිරසාර සංවර්ධන අභිමතාර්ථය නිරෝගීමත් ජීවිතයක් සහ සෑම වයසකදීම සුවතාවය සහතික කිරීමේ ඉලක්කය වෙත අප සැම යොමු කර ඇත. G20 සමුළුවේදී අග්‍රාමාත්‍යතුමා ලෝකය සඳහා “එක් ලොවක් – එක් සෞඛ්‍යයක්” යන සාකල්‍ය දැක්ම ඉදිරිපත් කළේය.
වසංගතය විසින් ජාත්‍යන්තර පද්ධතීන් ඩිජිටල් අවකාශය වෙත යොමු කර ඇත. පරිශීලකයාට පහසු, විනිවිද පෙනෙන සුළු, සාධාරණ සහ කාර්යක්ෂම අයුරකින් ලොව ඉහළම ඉලක්කයක් සහිත එන්නත්කරණ වැඩසටහනක් කළමනාකරණය කරන ලද කො-වින් (Co-Win) වෙබ් අඩවිය, ඩිජිටල් ඉන්ඩියා වැඩසටහන, ඩිජිටල් ගෙවීම් විසඳුම් සහ සතියේ දින 7ම පැය 24 පුරා ක්‍රියාත්මක BPO සහ ITES කර්මාන්ත වැනි දේ හරහා ඉන්දියාව ඩිජිටල් ක්‍රමයන්ට අනුගත වී ඇත.
සංවර්ධන ගැටළු රැසක් සඳහා ඉන්දියාව ‘නියමිත පරිමාණයේ’ විසඳුම් සහතික කර ඇති බව G20 සමුළුවේ දී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය පෙන්වා දුන්නේය. එය සංවර්ධනය අත්හදා බැලීමේ භූමියකි. දකුණු – දකුණු සංවර්ධන සහයෝගීතාවය සම්බන්ධයෙන් ඉන්දියාව සතුව සුවිසල් අත්දැකීම් සම්භාරයක් පවතින අතර ඉන්දියාවට වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ආකෘතීන් රැසක් ලබා දිය හැක. G7 සමුළුවේදී අග්‍රාමාත්‍යතුමා ඉන්දීය විවෘත මූලාශ්‍ර ඩිජිටල් විසඳුම් සැමට ලබාගත හැකි වනු ඇති බව ප්‍රකාශ කළේය.
වසංගතයේ අඳුරුතම දිනයන් හිදි පවා ඉන්දියාව එය ජාත්‍යන්තර ප්‍රජාවේ කොටසක් වන බව අමතක නොකළ අතර රටවල් 150කට අධික සංඛ්‍යාවකට අත්‍යාවශ්‍ය ඖෂධ සැපයීම සඳහා මාහැඟි මෙහෙවරක් ඉටු කළේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස “දෙවන කොවිඩ් රැල්ලේදී” සියල්ලන්ගේ ම සහයෝගය ඉන්දියාවට හිමි විය.

රට තුළ සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතරතුර ඉන්දියාව මේ වන විට සිය අසල්වැසි සහ සහකාර රාජ්‍යයන්ට නැවතත් එන්නත් අපනයනය කිරීම අරඹා ඇත.
මෙම සියල්ල සහ වෙනත් දේ හරහා ඉන්දියාව අනාගත අභියෝගයන්ට මුහුණ දිය හැකි නව ලෝක ක්‍රමයක් නිර්මාණය කිරීමෙහි ලා ප්‍රමුඛ සහ අර්ථකාරී රාජ්‍යයක් වශයෙන් කටයුතු කරමින් සිටියි. මෙම ලෝක ක්‍රමය හුදු ආර්ථික කරුණුවලින් ඔබ්බට දෑස් යොමමින් මනුෂ්‍ය වර්ගයා සහ ඔවුන්ගේ සුබසිද්ධිය පරම අභිලාෂය කොට ගෙන ඇත.

 

 

හර්ෂ් වර්ධන් ශ්‍රිංග්ලා ඉන්දීය රජයේ විදේශ ලේකම්වරයා වන අතර
මෙහි දක්වා ඇති අදහස් ඔහුගේ පෞද්ගලික අදහස් වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු වින්දිතයන්ගේ නඩු 128ක් නිශ්ප්‍රභා කරන්නැයි සිරිසේන ගේ පෙත්සම සලකා බලනවා ද – නැද්ද? තීන්දුව ජනවාරි  07

Next Post

වීරසේකරගේ සහ  දේවානන්දගේ “ලේකම්වරු “  දෙදෙනෙක් රත්තරන් හාරන්න පුදුකුඩුඉරිප්පු  ගිහින් වෙච්චි දේ!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.