නව රජයේ අභිනව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ හෙට (18) පෙරවරු 10.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ඒ අනුව, සියලුම කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම අවස්ථාවේදී දිවුරුම් දීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.
අග්‍රාමාත්‍ය ධූරය ආචාර්ය හරිනි අමරසුරිය විසින් දරනු ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.
කැබිනට් මණ්ඩලය විසිපහකට සීමාවන බවත් ඇතැම් අමාත්‍යාංශ සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පත්කිරීමට නියමිත බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක රටට ප්‍රකාශ කර තිබිණි.
කැබිනට් අමාත්‍ය දුර ලබාදීමේදී විෂය දැනුම සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් ද යොමු කර දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට සාධාරණයක් වන පරිදි පත්කිරීම් සිදුකිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.







