සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය අලුතින් ලියන කාලයක්…

by editor
නොවැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගතවෙමින් ඇත්තේ ඉතිහාසය අලුතින් ලියැවෙන කාලයකි. ඒ නිමිති අපේක්ෂා උපදවන්නේය. නවසීලන්ත ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලි ජයග්‍රහණයකය. එය වසර 12කට පසු උපදවා ගන්නා උත්කර්ෂයකි.

එක් දින තරගය දී ලකුණු 209ත් අසීරු ඉලක්කයක් වූ තණ තීරුවක පිස්සුවෙන් දඟ කැවෙන පන්දු ඉදිරියේ අන්ද මන්ද වෙමින් සිටි පිතිකරණ සමූහය තුළ පිතිකරණ පරිනතිය සහිත සංයමය සහ ඉලක්කය කුමක් දැයි හඳුනාගෙන උද්ගත වී ඇති තත්ත්වයට අනුගතව ක්‍රීඩා කිරීමේ විපුලත්වය ඊයේ (17) කුසල් මෙන්ඩිස් ප්‍රකට කළේය. එක් අන්තයක් නොසෙල්වී දරාගෙන සංයමයකින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය කුසල් ගේ ඉනිම ශ්‍රි ලංකා කණ්ඩාමට ගෙනාවේ ගිලිහී ගිය ජයග්‍රහණයක් බව කිව යුතුව තිබේ. එමෙන්ම තියුණු කඩුළු රැකීමක යෙදෙමින් ස්ටම්ප් කිරීම් දෙකක් සහ අසීරු උඩපන්දුවක් රැක ගත් කුසල් මෙන්ඩිස් ඊයේ (17) ජයග්‍රහණයේ වැඩිම පවසරිය අස් වැද්දුවේය.

ඊයේ පල්ලේකැලේ දී  ප්‍රකාශ වූයේ රිද්මය වෙනස් වූ එක් දින තරගයකි. තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ සවස 3ට ය. සවස 2 -4ත් අතර වැසි වාර දෙකක් පිළිබඳ පුරෝකථනය විය. ශ්‍රි ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දු රැකීම තේරුවේය. පුරෝකථනය කළ ලෙසම වැසි වාර ඇද හැලිනි. තරගය ආරම්භ වී මුල් ඕවර 20 තුළ දෙවරක් අත් හිටවනු ලැබුවේය. තරගය පන්දු ඕවර 47කට සීමා වූයේය.

වැසි වාර දෙකක් තරගය අතරතුර ඇද හැලිනි..

කාසියේ වාසියේ තේරීම

මුලින්ම පන්දු රැකීම තේරීමේ විපුල ඵලය පන්දු යැවීමෙන් මෙන්ම පන්දු රැකීමෙන් ද ශ්‍රි ලංකා කණ්ඩායම පෙන්වා දුන්නේය. අවිශ්ක ප්‍රනාන්දු ප්‍රදර්ශනාත්මක පන්දු රැකීමක යෙදුනේය. ඔහු උඩපන්දු තුනක් රැක ගත්තේය. ඒ ලබා ගත්  උඩපන්දු තුනම අති විශිෂ්ට වූ බව කිවයුතුව ඇත්තේය. කුසල් මෙන්ඩිස් ගේ අලංකාර කඩුළු රැකීමක් දුටුවෙමු. ඔහු ස්ටම් කර ලබා ගත් කඩුළු දෙක සේම නවසීලන්ත අවසන් කඩුල්ල දවා ගැනීමට රැක ගත් අසීරු උඩපන්දුව මේ තරගය වෙනම තැනකට ගෙනාවේය.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

අවසන් පන්දු ඕවර කීපයේ දී මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ අතින් අත්හැරී හතරේ සීමාව පසුවී ගිය අවස්ථා තුනක් හැරෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම පැවතියේ ප්‍රදර්ශනාත්මක තැනකය.

නවසීලන්ත ඉනිම

නවසීලන්ත ශ්‍රී ලංකා දෙවැනි එක් දින තරගයේ දෙවැනි තරගයේ නවසීලන්ත ඉනිම ලකුණු 209කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. බැලූ බැල්මටම එය පහසු ඉලක්කයක් සේ පෙනුනි. පිටියේ හැසිරීම එ් ඉලක්කය ඒ තරම් සුවපහසු නොවන බව මුල සිටම පෙනුණේය. විස්සයි විස්ස තරගය ක දී ලකුණු 108ක් හඹා යෑමට නොහැකිව ලකුණු 05ක් පැරදී ගිය කතාවක් කියැවුනේ මීට සතියකට පෙරය. ඒ අත්දැකීම සිහිගන්වන තවත් අවස්ථාවක් උදාවීමට ඇති අවකාශය ගැන නරඹන අපටත් තක්සේරුවක් තිබිණි.

තරගයේ මුල් පන්දු ඕවර 20 තුළ ඇදහැලුන වැසි වාර දෙක,  වලාකුලු සහිත අහස,  පිනි සහිත වටපිටාවේ තෙත් වුන පිටත පිටිය පන්දු රැකීමට මෙන්ම පන්දු යැවීමටත් සුවහපසු නොවුන බව පෙනුනි. එහෙත් පන්දු යැවීම මෙන්ම පන්දු රැකීම ද නවසීලන්ත කණ්ඩායමට පීඩනයක් හෙලුවේය. පන්දු ඕවර 45.1 දී නවසීලන්ත කණ්ඩායමේ සියල්ලන් දැවී ගියේය.

කුසල්ගේ තියුණු කඩුළු රැකස…

නවසීලන්ත පිලේ කඩුළු දඩයම ආරම්භ වන්නේ දුනිත් වෙල්ලාලගේ අතිනි. ඔහු ටිම් රොබින්සන් ගේ කඩුල්ල කුඩු කළේය. ටිම් ලකුණු 4කට දැවී ගියේය. දෙවැනි කඩුල්ල ලෙස හෙන්රි නොකොල්ස් දැවී යන්නේ මහීෂ් තීක්ෂණ හමුවේය. ඔහුගේ කඩුල්ල බිඳී යන්නේ පන්දු තේරුම් නොගෙන එල්ල කළ පහරක් පිත්තේ ඇතුළු දාරයේ වැදී කඩුල්ල බිිඳී යාමෙනි. හෙන්ර නිකොල්ස් ලකුණු 08කි. කුසල් මෙන්ඩිස්ගේ කදිම ස්ටම්ප් කිරීමකට හසුවී 3වැනි කඩුල්ල ලෙස ආරම්භක පිතිකරු විල් යන්ග් දැවී යන්නේ ලකුණු 26ක් ලබා සිටියදී ය. ලකුණු 69 දී තුන්වැනි කඩුල්ල බිඳී යන්නේය. අසලංකගේ පන්දුවකට අවිශ්ක රැකගත් අග්‍රගන්‍ය උඩපන්දුව හමුවේ ග්ලෙන් පිලිප්ස් ලකුණු 15කට දැවී යනවිට නවසීලන්ත කණ්ඩායම පන්දු ඕවර 23.1 දී ලකුණු 98කි.

ඉන් අනතුරුව තරගයේ නවසීලන්ත ඉනිමේ ගොඩනැගෙන වැදගත්ම සම්බන්ධය ගොඩනැගෙන්නේය. ඒ ඉහළ මැදපෙළ පිතිකරු මාරක් චැප්මන් සහ කඩුළු රකින ක්‍රීඩක මිචෙල් හායි අතරය. ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නේය. ඒ සම්බන්ධතාවය බිඳී යන්නේ ශතකය කරා යන ගමනක සිටි මාර්ක් චැප්මන් ලකුණු 76කට දවා ගැනීමට අවිශ්ක රැකගත් තවත් විශිෂ්ට උඩපන්දුවකිනි. අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ එම සම්බන්ධය බිඳී යන්නේ 37 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ය. ඒ වනවිටත් ලකුණු 250ක් ඉක්මවා යන ආකාරයක් පෙන්නුම් කරන පසුබිමක් නවසීලන්තය පැත්තෙන් පෙනිනි. පන්දු ඕවර 12.5ක් සහ කඩුළු 05ක් නවසීලන්තය සතුව තිබිනි.

මාරක් චැප්මන් අර්ධ ශතකය සමරමින්…

එහෙත් එම පන්දු ඕවරයේම සිවු වෙනි පන්දුවේ දී හය වෙනි කඩුල්ල ලෙස මිචෙල් බ්‍රැක්වෙල් දැවී යන්නේ යලිත් වරක් අසිතගේ පන්දුවකට එල්ල කළ පහරක් අවිශ්ක විසින් උඩපන්දුවක් බවට පරිවර්තනය කරගැනීමත් සමගිනි.

අනතුරුව අප දකින්නේ එකපිට එක නවසීලන්තයේ කඩුළු බිඳ වැටෙන ආකාරය ය. නායක මිචෙල් සැන්ට්නර් වැන්ඩසර්ගෙ පන්දුවකට පැතුම් නිශ්ශංක රැකගත් උඩපන්දුවක් හමුවේ ලකුණු 6කට දැවී ගියේය. පන්දු යැව්වේ වැන්ඩර්සේය. ඊලඟ පන්දුවේදීම නේදන් ස්මිත් ලකුණු නොලබා වැන්ඩර් සේ හමුවේ දැවී යන්නේ වැන්ඩර්සේ කඩුළු ත්‍රිත්වයක් අසලට රැගෙන එමිනි. එහෙත් ඒ කඩුළු ත්‍රිත්වයේ අවස්ථාව වැන්ඩර්සේට ගිලිහෙන්නේය.

ඉෂ් සෝධි කුසල් මෙන්ඩිස්ගේ අගනා ස්ටම් කිරීමකට හසුව දැවී යන්නේ ය. පන්දු යවන්නේ මහීෂ් තීක්ෂණය. පිට ඉන්නෙන් පිටතට යන පන්දුවක් රැකගෙන අවස්ථාව බලා කඩුල්ල බිඳ දමමින් කුසල් සෝධිගේ ඉනිම නිමා කරන ආකාරය අපූරුය. අවසන් කඩුල්ල ලෙස ලකුණු 49ක් ගෙන ක්‍රීඩා කරමින් සිටි කඩුළු රකින ක්‍රීඩක මිචෙල් හායි ගේ අසීරු උඩපන්දුවක් කුසල් විසින් ලබා ගැනීමත් සමග නවසීලන්ත ඉනිම ලකුණු 209කින් නිමා වන්නේය. ඒ පන්දු ඕවර 45.1ක් තුළය.

පන්දු ඕවර 9.1ක් යවා ලකුණු 31කට කඩුළු 03ක් මහීෂ් තීක්ෂණ විසින් දවා ගන්නේය. පන්දු ඕවර 10 යැවූ වැන්ඩර්සේ ලකුණු 46 ට කඩුළු 03කි. අසිත ප්‍රනාන්දු පන්දු ඕවර 7ක් යවා ලකුණු 37ට කඩුලු 2කි. දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක කඩුල්ල බැගින් ලබාගත්හ.

අවිශ්ක… අපූරු උඩපන්දු රැකීම…

ශ්‍රි ලංකා ඉනිම

තෙත බරිත පරිසරය තුළ නිර්මාණය වූයේ වඩාත් වෙනස් තත්ත්වයකි. පන්දුව පොලා පනිමින් දඟ කැවුනේය. නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමමේ උපක්‍රමය තමන් අතට ගත්තේය. මිෂෙල් සැන්ට්නර් පන්දු යැවීම ආරම්භ කළේය. අනෙක් අන්තයෙන් පන්දු යැව්වේ වේගපන්දු යවන ජාකොබ් ඩුෆ් ය. සැන්ට්නර් සිය දෙවැනි ඕවරයේම කඩුළු දඩයම ඇරඹුවේය ඒ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු දවා ගනිමිනි. ඒ තරගයේ 5 වැනි ඕවරයේ 3 වැනි පන්දුවේ දී ඩීප් ස්ක්වෙයාලෙග් හි සිට හෙන්රි නිකොලොස් අතට උඩ පන්දුවක් ලබා දීමෙනි. අනතුරුව කුසල් මෙන්ඩිස් පිටියට පැමිණෙන්නේය.

සැන්ට්නර් 06 වැනි පන්දු ඕවරයේදීම වේග පන්දු යවන්නා මාරු කර ඒ අන්තයෙන් පන්දු යැවීමට මිචෙල් බ්‍රෙක්වෙල් ගෙන්වූයේය. එතැන් සිට ඇරඹුනේ දඟ පන්දු යවන්නන්ගේ තියුණු පන්දු කරණයකි. පිතිකරුවෝ අන්ද මන්ද වූහ. පන්දු තේරුම් ගැනීම කළ නොහැකි තරම් දඟ කැවීම් තියුණු වූයේය. සමහර පන්දු දඟකැවී ඇදී යන්නේ කඩුළු රකින්නාට නොව පළමු ස්ලිප් ක්‍රිඩකයාටය. ඒ පන්දුවලට පිත්ත දාන්නත් බැරිය. නොදාත්බැරිය. තණ තිරුවේ කෙටී ඉපිලෙමින් දඟ කැවෙන පන්දුවට ගහන්නේ තැනකයටය. පිත්තේ වැදී යන්නේ වෙනත් තැනකයට. කුසල් පිටියේ ස්ථාවර වන්නේ ඒ පසුබිමේය.

සැන්ට්නර් සහ බ්‍රැක්වෙල් ගොඩනගන පීඩනය හමුවේ 10 වැනි පන්දු ඕවරයේ 5 වැනි පන්දුවේ දී පැතුම් නිශ්ශංක දැවී යන්නේ මිඩ් ඕන් හරහා ඉහළින් එල්ල කිරීමට උත්සාහ කළ පහරේ කාල ගණනය වෙනස් වී පහසු උඩපන්දුවක් ලෙස මාර්ක් චැම්ප්මන් අතට පත් වීමෙනි. දෙවැනි කඩුල්ල බිඳවැටෙන විට ලකුණු 41කි. පැතුම්ගෙන් පසු පිටියට එන්නේ කමිඳු මෙන්ඩිස්ය. කමිඳු ලකුණු ලබා ගත්තේ නැත. බ්‍රෙක්වෙල්ගේ විශිෂ්ට පන්දු යැවිම හමුවේ කඩුළු රකින මිචෙල් හායි කඩුල්ල පසුපස සිට රැකගන්නා උඩ පන්දුවකින් ඔහු දැවී යන්නේය.

එතැන් සිට සිදුවන්නේ බිය හිතෙන බිඳවැටීමකි. අපට පෙනුනේ ජයග්‍රහණය ක්‍රමයෙන් අප අතින් ගිලිහෙන බවය. ලකුණු 93කට කඩුළු 05ක් බිඳ වැටුනේය. චරිත් අසලංක ලකුණු 13කි. සධීර සමරවික්‍රම ලකුණු 08කි. මේ දඟ කැවෙන තණ තීරුවේ පරාජයේ අන්තරය වෙනස් කරගන්නවා හැර වෙන කිසිම දෙයක් කරන්නට නැති බව ප්‍රේක්ෂක අපට සිතුනේය.

එහෙත් පහළින් පැමිණි ජනිත් ලියනගේ ලකුණු 22කුත් දුනිත් වෙල්ලාලගේ 18කුත් තබා තරගය විවෘත තැනකට රැගෙන එන්නට කුසල්ට සහාය වූයේය. එහෙත් ලකුණු 163කට කඩුළු 7ක් දැවී ගොස් තිබිණි. සගයින් එක එකා එක් අන්තයකින් බිඳී යද්දී අනෙක් අන්තයකින් කුසල් මෙන්ඩිස් ස්ථිරව සිටියේය.

බ්‍රැක්වෙල්ට්… කඩුළු 04ක්…

අනතුරුව අංක 09 ක්‍රීඩකයා වූ මහීෂ් තීක්ෂණ පිටියට එන්නේය .මහීෂ් ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමින් කුසල් මෙන්ඩිස් සමග තරගය අවසන් කරන්නේය. කුසල් සහ මහීෂ් තීක්ෂණ අතර ගොඩනැගෙන සම්බන්ධතාවය නොදැවුන ලකුණු 47කි. මහීෂ් පන්දු 44ක දී නොදැවුන ලකුණු 27ක් වාර්තා කළේය.

කුසල් මෙන්ඩිස්ගේ වෘත්තීය බරක් සහිත ගෞරවනීය ඉනිම ගැන යළිත් කතා කළ යුතුය. ඔහු ලකුණු 74ක් ලැබුවේය. හදිස්සියක් නැත. කුසල් ලකුණු 74ක් ලැබුවේ පන්දු 102ක් තුළය. ටෙස්ට් තරගයක බරක් සහිත ඒ ඉනිමට ඔහු එල්ල කරන්නේ හතරේ පහර 06ක් පමණි. එක් දින තරගයක් වුවද පැවතියේ පූර්ණ වෙනස් පරිසරයකි. ඒ අවස්ථා කළමනාකරණය වෘත්තීය පරිචයක් සහිතව කුසල් විසින් සිදුකළේය. ඔහු නොදැවී තරගය හමාර කළේය. එක් ඕවරයක් ඉතිරිව තිබිය දී තරගය දිනුම්ය.

අවසන් මොහොත තෙක් ශ්‍රී ලංකා ජයග්‍රහණය වැලැක්විමට බිහිසුණු පන්දු යැවීමක නිරත වූ මිචෙල් බ්‍රැක්වෙල් ලකුණු 36කට කඩුළු 4ක් ලැබුවේය. මිචෙල් සැන්ට්නර් පන්දු ඕවර 10ටම ලබා දුන්නේ ලකුණු 33කි. එක් කඩුල්ලක් ලැබුවේය. ග්ලෙන් පිලිප්ස් ලකුණු 41ට කඩුල්ලක්, නේතන් ස්මිත් ලකුණු 21කට කඩුල්ලක් ලැබුවේය.

ක්‍රිකට් පවා කියා දෙන්නේ වෙනස් කතාවකි. අවස්ථා කළමනාකරණය බිඳ වැටීම් දරාගෙන යන ජයග්‍රහණය පිළිබඳ අපේක්ෂාවෙන් යන ගමන අවසන් වන්නේ නියත ජයග්‍රහණයකිනි. මේ කියන කතාව තරගාවලි ජයග්‍රහණයකට ලඝු නොවන්නේ එබැවිනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට… අගමැති හරිනිම තමයි!

Next Post

10වන පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතිවරු දිවුරුම් දෙති… අග්‍රාමාත්‍ය ධූරය හරිනිට… සියලුම තොරතුරු මෙන්න…

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.