ඉල්ලා අස්වූ අජිත් නිවාඩ් කබ්‍රාල්ගෙන් හිස්වන මහබැංකු අධිපති ධුරයට නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයෙක් ලෙස කටයුතු කළ ආචාර්ය නන්දලාල් වීරසිංහව පත් කිරීමට නියමිතව තිබේ.
මහබැංකු අධිපති ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිගෙන ආචාර්ය නන්දලාල් වීරසිංහ අනිද්දා (07) සිට මහබැංකු අධිපති ධුරයේ වැඩ භාරගනු ඇත.
ආචාර්ය නන්දලාල් වීරසිිංහ ක්ෂත්‍රයේ මහත් අත්දැකීම් සම්භාරයක් සහිත විද්වත් වෘත්තිකයෙක් ලෙස ප්‍රකටය.