ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය අද (07) හෙට (08) දෙදින තුළ දිවුරුම් දී අවසන් කිරීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ලංකාසරට සනාථ කරයි.
උද්ගතව ඇති තත්ත්වය තවදුරටත් යෑමට ඉඩහැරියහොත් රට භයානක තත්වයට පත්වීමට ඉඩ ඇති බව ජනාධිපතිවරයාට දේශපාලන හා ආර්ථික උපදේශකවරුන් පෙන්වා දී තිබේ.
මේ තත්වය මත කැබිනට් මණ්ඩලය කඩිනමන් පත් කර උද්ගතව ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීමට තීරණය කර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුව නියෝජනය කළ හවුල්කාර පක්ෂ වෙතද ඇමතිධුර යෝජනා කර ඇති බව ඉහත නිලධාරියා පැවසීය.
මේ අනුව නව කැබිනට් මණ්ඩලයට අලුතින් සාමාජිකයන් පත් කරනවාට වඩා හිටපු මැති ඇමතිවරුන්ම පත් කරනු ඇති බව දැනගන්නට ඇත.
නව ඇමතිවරුන්ගේ දිවුරුම්දීම අද සහ හෙට දින දෙකෙහි සිදුකිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.