අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නවසීලන්තය මලගෙයක් කරන්න ගිය කවුද මේ S?… ලාංකික IS ත්‍රස්තයා ගැන නොදත් කතාව…

තව පැය 12කින් මොහු ගැන සියලු තොරතුරු නවසීලන්ත රජය විසින් හෙළි කරන්නට නියමිතයි...

by editor
සැප්තැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

සේමාලී කැල්ලපත –

නවසීලන්තයේ ඕක්ලන්ඩ් සිට ලංකාසරට විශේෂයෙන්

නවසීලන්තයේ සුපිරි වෙළෙඳ සලක සිදුවූ ප්‍රහාරය දැන් ලොව පුරා සියලුම මාධ්‍යයන්හි පැතිර යන අලුත්ම පුවතය. එම පුවත කන වැකුණු සැණින් ශ්‍රී ලංකාවාසීන්‌ ලෙසින් අප විමසිලිමත් වූයේ ප්‍රහාරයට මුල් වූ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳය.  ශ්‍රී ලාංකිකයකු ලෙස ප්‍රසිද්ධ වූ ඔහු මේ වෙද්දී ලොවම හඳුන්වන්නේ ‘ S ‘ ලෙසිනි. මේ රටට පැමිණ ඇත්තේ 2011දී බව සඳහන්ය. ඉදිරි පැය දොළහක කාලයකදී ඔහු හා ඔහුගේ පවුල පිළිබඳ සියලු තොරතුරු ජනතාවට ඉදිරිපත් කරන බවට නවසීලන්ත බලධාරීන් දැන් ප්‍රකාශ කර තිබේ.  නවසීලන්ත මහාධිකරණ විනිසුරු විසින් අදාළ පුද්ගලයා පිළිබඳ තොරතුරු හෙළිකිරීම පමා කර ඇත්තේ ඔහුට විරුද්ධව තහනම් ආයුධයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවතීම හේතුවෙනි.

Srilankan-ISIS-New-Zealand
ප්‍රහාරය සිදු වූ අවස්ථාව

‘නිව්සීලන්ඩ් හෙරල්ඩ්’ පුවත්පත වාර්තා කරනුයේ දැනට ‘ S ‘ ලෙසින් හඳුන්වන පුද්ගලයාගේ පවුලේ උදවිය විදෙස් රටක ජීවත්වන බව හා බලධාරීන් තවමත් ඔවුන් සම්බන්ධ කරගෙන නොමැති බවය. ඒ ශ්‍රී ලංකාවේද නැද්ද යන්න තවම අනාවරණය වී නැත.

ඔස්ට්‍රේලියානු සමාගමකට අයත් ‘ කවුන්ට්ඩවුන්’ නමැති සුපිරි වෙළෙඳ සල් ජාලයේ බටහිර ඔක්ලන්ඩ් හි නිව්ලින් ප්‍රදේශයේ වූ ‘කවුන්ට්ඩවුන්’ සුපිරි වෙළෙඳසලක දී ඊයේ (3 වැනිදා) මේ සිදුවීම වූයේ නවසීලන්ත වේලාවෙන්  පස්වරු 2.42කට පමණය. සිදුවීම වී තත්පර 60ක් ගතවීමටත් මත්තෙන් නවසීලන්ත පොලිසිය විසින් අදාළ පුද්ගලයාට වෙඩිතබා තිබේ. ඒ වෙද්දීත් ඔහු සුපිරිවෙළෙඳසලේ විකිණීමට තිබූ පිහියක් ඩැහැගෙන ඒ මොහොතේ එහි සිටි පාරිභෝගිකයන්  6 දෙනකුට ඉන් ඇන තුවාල සිදුකර තිබිණ. ඉන් තිදෙනෙක් මේ වෙද්දී අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

නීතිමය තත්ත්වයන් සඳහා ‘ S ‘ ලෙසින් හඳුන්වන සැකකරු 32 හැවිරිදිය. වසර පහක පමණ සිට සන්නද්ධ උපායික කණ්ඩායම සහ නවසීලන්ත ජාතික ආරක්ෂක ආයතනය ඔහු ගැන විමසිල්ලෙන් සිට ඇත්තේ මහජන ආරක්ෂාවට තර්ජනයක් වියහැකි පුද්ගලයකු ලෙස සලකාය. එයට වඩාත්ම හේතුවී ඇත්තේ ‘ S ‘ දෙරවක්ම විශාල දඩයම් පිහි දෙකක් සහ ISIS ක්‍රියාකාරකම් පිළිබඳ වීඩියෝ ළඟතබාගෙන සිටීමය.

2016 වසරේ සිට නවසීලන්ත පොලිසියේ ත්‍රස්තවාදී ක්‍රියා වැලැක්වීමේ කණ්ඩායමක් ‘S’ ගැන ඇසගසාගෙන සිට ඇත. ඒ ඔහු 2015 හා‌ 2016 වසරවලදී පැරිස් හා බ්‍රසල්ස් නගරවල සිදු කළ ISIS ප්‍රහාරයට අනුබල දෙන අදහස් සහ යුද ප්‍රචණ්ඩත්වයේ ජායාරූප සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මුදාහැරීම හේතුවෙනි. ඊට අමතරව දැඩි බටහිර විරෝධී ප්‍රචණ්ඩකාරී අදහස් ප්‍රචාරය කිරීම නිසාය. එවර පොලිසිය ඔහුට දැඩිලෙස අවවාද කළද ඔහු ඒ අවවාද නොතකමින් දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩකාරී අදහස් පතුරුවා ඇත්තේය.

” මං යම් දවසක ආපසු මගේ රටට ගොස් මේ රටේ සිටින දහජරා කිවියන් සොයා ගන්නම්. උන් එහේ ඉඳන් කරන දේට මං මගේ රටේදී ඔවුන්ට කරන දේ පෙන්වන්නම්.” යනාදී වශයෙන් ඔහු සිය ෆෙස්බුක් ගිණුමේ සඳහන් කර තිබිණ.

දෙවරක්ම සිරභාරයට පත්කරනු ලැබ සිටි ඔහු අවසන් වරට සිරභාරයට ගනු ලැබ ඇත්තේ ඔක්ලන්ඩ් ගුවන් තොටුපොළේදීය. ඒ සිංගප්පූරුවට යෑමට පමණක් වූ ගුවන් ටිකට්පතක් ගෙන රටෙන් පිටව යෑමට තැත්කරද්දීය. නවසීලන්ත පොලිසිය විශ්වාස කරනුයේ ඔහු සිරියාවේ ISIS ත්‍රස්තයන්ට එක්වීමේ අදහසින් රටෙන් බැහැර වීමට උත්සාහ කර ඇති  බවයි. තමන් සිරියායනු ISIS ත්‍රස්තයන්ට එක්වීමේ බලාපොරොත්තුවෙන් සිටින බව ඔහු සිය හිතවත් බැතිමතකුට පල්ලියේදී පවසා තිබූ බව පසුව හෙළිවිය.

ඔහුගේ නිවෙස පරික්ෂා කරද්දී වායු තුවක්කුවක් මානමින් සිටියදී ගත් ජායාරූප හා ඇඳේ මෙට්ටය යට සඟවා තිබූ දඩයම් පිහියක් ද සමඟින් ප්‍රචණ්ඩකාරී අදහස් පතුරුවන පත්‍රිකා තිබී සොයා ගෙන ඇත.

නිවස පරීක්ෂා කිරීමේ දි තුවක්කවක් සමග හසුවූ ඡායාරූපය

පසුගිය වසරේදී ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරමින් ‘S’ ට විරුද්ධව චෝදනා ගොනු කරද්දී  ” ත්‍රස්ත ප්‍රහාරයක් කිරීමට ලැහැස්තිවීම  නීතිය යටතේ වරදක් නොවන බව” මහාධිකරණ විනිසකරු නියෝග කිරීම හේතුවෙන් අඩු චෝදනා ගොනුකර තිබිණ. ඉන්පසු මේ වසරේ මැයි මාසයේදී ද යළිත් වරක් ඔහුට විරුද්ධව පෙර වැරැදිවලටම අධිකරණය ඉදිරියට පමුණුවා තිබේ.

මාධ්‍ය වාර්තා කළ අන්දමට අදාළ පුද්ගලයා දඩයම් පිහියක් සන්තකයේ තබා ගැනීමේ වරදට සිරගතව සිට පළමුවැනි වරට සිරෙන් නිදහස් වූ විගසම කර ඇත්තේ යළිත් එවැනිම වර්ගයේ පිහියක් මිලදී ගැනීමය. ඒ 2018 වසරේදීය. මේ වෙද්දී ද පොලිසිය ඔහු පසුපස පන්නමින් සිටි බැවින් යළිත් ඔහු අත්අඩංගුවට ගැනිණි.

අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ‘S’ විනිසකරු අමතමින් ” ඔබ කරදර වන්නේ එක පිහියක් ගැනයි. ඒත් මං ඔබට කියන්නේ මට පිහි 10ක් වුවත් මිලදී ගත හැකියි. එය මගේ අයිතියක්” යනුවෙන් පැවසූ බව මාධ්‍ය වාර්තා කළේය.

අවසන් වරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බටහිර ඕක්ලන්ඩ් හි මුස්ලිම් දේවස්ථානයක සේවයට යොදවමින් වසරක දැඩි නිරීක්ෂණය යටතේ තැබීමට නියෝග කර ඇත.

හිරෙන් නිදහස්ව පැමිණි දා සිටම පොලිසිය කළ අවවාද කිරීම් ද නොතකමින් මේ පුද්ගලයා දිගින් දිගටම අන්තර් ජාලය ඔස්සේ කළ සොයා බැලීම් දැන් කරළියට පැමිණ තිබේ. ඔහුගේ ඒ ඇතැම් සෙවුම් බැලුම් ලොමු දැහැගන්වන සුලුය. ‘හුදෙකලාව සටනේ යෙදෙන වුල්ෆ් මුජාහිදීන් සඳහා ආරක්‍ෂිත මාර්ගෝපදේශ’ යන මාතෘකාව ඔස්සේ ද ඔහු අන්තර්ජාලය පිරික්සා ඇත්තේය. දඩයම් පිහි, කැලෑ ඇඳුම්, ISIS ත්‍රස්තවාදීන් ගේ නිල ඇඳුම් මෙන්ම නවසීලන්ත සිර ඇඳුම් හා හිරේදී දෙන ආහාරපාන ගැනද ඔහු සොයා ඇත.

ඔහු මේ සෙවීම්වලදී ‘කුෆාර්’ හෙවත් ‘කෆීර්’ යන වදන නිතර යොදාගෙන ඇත්තේය. එම අරාබි වදන අවිශ්වාස කරන්නා හෝ නොඅදහන්නා යන අරුත දෙයි. අන්තර් ජාලය ඔස්සේ ඔහු  “කෆාර්ට ප්‍රහාර කරන්නේ කෙසේද සහ පුපුරණ ද්‍රව්‍ය සාදා ගන්නේ කෙසේද” යන මාතෘකාව යටතේ වීඩියෝ නරඹා ඇතිබවද පොලිසිය පවසයි.

මේ පුද්ගලයා දිගින් දිගටම සොයා ඇත්තේ  ISIS ත්‍රස්තවාදීන් ප්‍රහාර සිදු කරන අන්දමත් බටහිර රටවල ආරක්ෂිත ක්‍රම උපාය හා බුද්ධි අංශ මග හරිමින් ඝාතන සිදුකළ හැකි ක්‍රමවේද ගැනය.

අත්අඩංගුවේ ගත කළ දීර්ඝ කාලය නිසා දැඩි  අධීක්‍ෂණය යටතේ සිරෙන් නිදහස් කර සිටියදී ඔහු සේවය කරමින් සිටි මුස්ලිම් දේවස්ථානය ද පොලිසිය විසින් පරික්ෂාවට ලක්කරන අන්දම ද මාධ්‍ය වාර්තා කළේය.

2016 වසරේ සිටම නවසීලන්ත පොලිසියේ කණ්ඩායම් දෙකක දැඩි නිරීක්ෂණ මධ්‍යයේ සිටිමින් ‘ S ‘ පසුගියදා සුපිරි වෙළෙඳ සලට පැමිණෙද්දීද නිලඇඳුම් නොමැතිව නිලධාරීන් කීප දෙනෙක් ඔහු ගැන විපරමින් සිටිබව වාර්තා වේ. එතැනදී ඔහුවෙතට කඩා පැන පිහිය උදුරා ගැනීමට තමා සූදානම් වෙද්දී එතැන සිටි එම කණ්ඩායමේ නිලධාරියකු තමන් ඔහු මෙල්ල කරගන්නා බව පවසා තමා ආරක්ෂිතව වෙනතකට යොමු කළ බව සිදුවීම වෙද්දී එතැන සිටි අයකු මාධ්‍යයට පැවසීය.

 Jacinda-Ardern
නවසීලන්ත අගැමැතිනිය ජෙසින්ඩා අර්ඩන්…

සිදුවීම පිළිබඳව මාධ්‍ය සාකච්ජාවක් පවත්වමින් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් පැවසුවේ ‘ S’ ගේ ක්‍රියාකලාපය ගැන තමා දැනුවත්ව සිටි බවයි. ඇගේ ප්‍රකාශයේ අපදුටු විශේෂත්වයක් වූයේ ඇය කිසිම තැනක අපරාධය සම්බන්ධයෙන් ආගමකට හෝ ජාතියකට ඇඟිල්ල දිගු නොකිරීමය. ප්‍රහාරය එල්ල කළේ තනි පුද්ගයකු මිස ඇදහිල්ලකින්, සංස්කෘතියකින් හෝ  ජනවාර්ගිකයකින් නොවන බවත් කිසියම් වූ මතවාදයක එල්බගත් වෙනත් කෙනකුගේ සහායක් නොමැතිව තනි පුද්ගලයෙකු විසින් බවත් ඇය ප්‍රකාශ කළාය.

“මෙවන් පුද්ගලයන්ගෙන් මිනිසුන් ආරක්ෂිතව තබා ගැනීම සඳහා අප සතුව ඇති සෑම නෛතික හා නිරීක්ෂණ බලයක්ම අපි භාවිතා කර ඇත්තෙමු” යනුවෙන් අගමැතිනිය පැවසූ පරිද්දෙන් රජය මේ වෙද්දී ත්‍රස්ත ක්‍රියා මර්දනය සඳහා නීතිරීති බොහොමයක් යෝජනා කර පාර්ලිමේන්තුව හමුවේ ඇත්තේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවත් මත්කුඩු නැවක් කොළඹට ගෙන එයි

Next Post

රජයේ රෝහල්වල සියලුම නාඳුනන මළ සිරුරු ඉවත් කරන්න… සෞඛ්‍ය ඇමති නියෝග කරයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

Comments 1

  1. Dessert fox says:
    වසර 5ක් ago

    He was not a citizen of Sri Lanka at the time of committing the crime. He was educated in srilanka but he was brain washed in New Zealand. Ideally hexshoukd be referred as as a sri lankan born new Zealander.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.