තුෂාරී කළුබෝවිල –
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනයට ඇතුල් වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතී.
මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, පොළොන්නරුව
දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති වේ.
දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර්. 40-50 ක වේගයෙන් සුළං හමන අතර
ගිගුරුම් සහිත වැසි සමග අකුණු අනතුරු ද ඇති වන බව අවධාරණය කෙරේ
ගාල්ල සිට කොළඹ, පුත්තලම, මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල, නිරිතදිග බෙංගොල බොක්ක මුහුදු ප්‍රදේශවල (06N – 14N, 78E – 85E) නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙසට ධීවර සහ නාවික ප්‍රජාවට අනතුරු ඇඟවේ.
මේ තත්ත්වය හෙට දිනයේ ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.