මේ වසරේ වියදම් පුරෝකථනයට අදාල සිව් වසරක් තිස්සේ පැවති නඩත්තු කිරීම් ඉදිරි වසර තුන සඳහා යොමුකර සැලකිය යුතු ලෙස විදුලි ගාස්තුව අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද පාර්ලිමේන්තුවේ දි පැවසුවේය.
සංශෝධිත විදුලි ගාස්තු අය ක්‍රමය සම්බන්ධයෙන් වූ යෝජනාව බදාද හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කරන බවත් ඇමතිවරයා කීවේය.
විදුලි බිල සංශෝධනය විය යුතු ආකාරය පිලිබඳ සාකච්ඡාවට විපක්ෂයට ආරාධනා කළත් ඒ අවස්ථාවේ ඇති කාර්ය බහුල තත්ත්වය හේතුවෙන් ඔවුන්ට ඊට සහභාගී වීමට නොහැකි බව දන්වා තිබුණ බවත් එම සාකච්ඡාව සඳහා විවිධ පාර්ශව එක් වී සිටි බවත් කී ඇමතිවරයා මෙසේ ද පැවසුවේය.
“විවිධ පාර්ශව සහභාගී වුනා. විශ්ව විද්‍යාල නියෝජනය කරන ඉංජිනේරුවන්, ඉංජිනේරු සංගම් ඇතුළු 40කට ආසන්න පිරිසක් සහභාගී වී හිටියා. විවිධ ආයතන සම්බන්ධ වුනා. ඔවුන් අදහස් හා යෝජනා ලබා දුන්නා.”
“පහුගිය 15 වැනිදා මහජන උපයෝගීතා කොමිසම මහජන අදහස්වලට විවෘත කළා. එහිදීත් යම් අදහස් ලබා දීලා තියනවා. ඒ නිසා මේ අදහස් දෙකම එකතු කරලා රජය වශයෙන් අමාත්‍යාංශයෙන් විදුලිබිල සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කළා. විදුලි බල මණ්ඩය මේ වසරේ විදයම් පුරෝකථනය කරලා තියෙනේනේ පහුගිය වසර 04ක නඩත්තු කටයුතු මේ වසරේ අවසන් කරීමටයත් එක්ක.”
“ඒ අනුව මේ වසරේ මේක කරන්නේ නැතිව ඉදිරි අවුරුදු තුන සඳහා මුදල් වෙන් කිරීම කරන්න කියලා අප උපදෙස් දීලා තියනවා. ඒ අනුව සංශෝධනය කරපු විදුලි ගාස්තු අය ක්‍රමය සම්බන්ධ යෝජනාව බදාදා හෝ බ්‍රහස්පතින්දා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට ලබා දෙන්න කටයුතු කරයි.”
“ඒ නිසා අපි මීට පෙර බලාපොරොත්තු වුනාට වැඩිය අඩු කිරීමක් විදුලි බිල තුළ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව අපිි මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනවා. ඒ අනුව මහජන උපයොගීතා කොමිසම ඔවුනගේ යෝජනාව සඳහාත් තිරණය ගනී කියන එක අපි බලාපොරොත්තු වෙනවා.”