අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නගරාධිපති එරාජ්ගේ මැරයින්ගෙන්  ලුණු  සභාපතිට මරණ තර්ජන… පොලිස් ආරක්ෂාව ඉල්ලයි…

by editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර – 

  • මරණවාමයි කියලා පණිවිඩ එවලා… පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලුවට සැලකීමක් නෑ –  

  • අවස්ථා ගානකදි පොලිසියට කියලා බැරිම තැන පොලිස්පතිවරයාට පැමිණිලි කළා..

  • නගරාධිපතිවරයා පොලිසියට ගෙන්නුවට ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නෑ…

  • අපේ පැමිණිලි විසිවෙලා… ආගිය අතක් නෑ. ලේවායේ දෙපලවලට හානි කරමින් මගේ කීර්ති නාමය විනාශ කළ අයට එරෙහිව අධිකරණයට යනවා…

  • නගරාධිපති පටන් ගත්තෙ වැරදි තැනින්. ඔහුට වගේ අපරාධ චෝදනා අපට නෑ..

“ලේවායේ සේවකයන්ට වගේම මගේ ජීවිතයටත් දැඩි තර්ජනයක් ඇති වෙලා තියෙනවා.පොලිස් ආරක්ෂා ඉල්ලුවත් තවමත් නිසි ආරක්ෂාවක් දී නෑ.“

හම්බන්තොට නගරාධිපති වරයාගේ මැරයින් යොදවා ලේවායේ වාහනයකට පහරදීමක් සිදුකළා.මට වගේම මගේ සේවකයන්ට මේ වන විට ප්‍රසිද්ධියේ මරණ තර්ජනය කරමින් තිබෙනවා.ඉතින් මේ සම්බන්ධයෙන් මා හා මගේ සේවකයන් හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදුකර තිබෙනවා. නමුත් මේ වන තුරුත් එම පැමිණිළිවලට අදාලව නීතිය ක්‍රියාත්මක වී නෑ. මේ වන විට මා ඇතුළු මගේ සේවකයන්ගේ ජීවීත දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙනවා. මාව මරණවාමයි කියලා තර්ජනය කර තිබෙන අවස්ථාවක මට හා මගේ නිළධාරීන්ට නිසි ආරක්ෂාවක් දෙන්න කියලා මන් පොලිසියෙන් ඉල්ලිමක් කලත් මෙතෙක් ඒ සදහා නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සිදුව නෑ“ යැයි හම්බන්තොට ලුණු සමාගමේ සභාපති නිශාන්ත සදභරණ මහතා අප කල විමසිමකදී අද (12)පැවසීය.

එහිදි වැඩිදුරටත් ඔහු  මෙසේද පැවසීය.

පසුගිය දවසේ ලේවාය ඇතුළෙ ඉදන් ගියපු ලේවායේ වාහනයකට හම්බන්තොට නගරාධිපති වරයාගේ මැර පිරිසක් විසින් යකඩ පොලු අරන් ඇවිත් පහර දී මගේ සේවකයන් මරන්න හැදුවා.  ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කළා. මේ වන තුරුත් පොලිසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී නෑ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ ස්ථානයේ මේ නගරාධිපති වරයාගේ මැර පිරිස් පැමිණ කළහකාරි ලෙස හැසිරෙද්දී පවා මා මේ පිළිබදව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අවස්ථා කිහිපයකදීම. නමුත් මේ වන තුරුත් කිසිදු දෙයක් සිදු නොවුණ ගානට පොලිසිය ඉන්නවා. 

මම පොලිස්පති වරයාටත් ලිඛිතව පසුගිය 27 පැමිණිල්ලක් කලා.එහිදී පොලිස් පති වරයා අදාල වගකිවයුතු නිළධාරීන්ට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස දැනුම් දි ඇති බව දැනගන්න තිබුණත් මේ වන තුරුත් මෙම සිද්ධින්වලට සම්බන්ධ චුදිතයින් නිදැල්ලේ ඉන්නවා. අප කරන ලද පැමිණිල්ලකට අදාලව පසුගිය දවසේ නගරාධිපතිවරයා හම්බන්තොට පොලිසියට ගෙන්වා තිබුණත් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් ගැනීමවත් සිදුකළේ නෑ.

මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු කලේ නෑ. අද වෙනකොට අපි කරපු පැමිණිල්ලට වෙච්ච දෙයක් නෑ. සැමට නිතිය සමාන විය යුතු නමුත් පොලිසිය මේ අයට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්නේ නෑ. පොලිසිය ක්‍රියාත්මක නොවුණට අපි මේ වන විට ලේවායේ දේපළවලට හානි කිරීම හා අපේ කීර්ති නාමයට හානි කිරිම සම්බන්ධයෙන් අදාල පුද්ගලයන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට අදාල එන්තරවාසි   යවා තිබෙනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් නිතිය හමුවට යනවා.

අද වෙනකොට සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ හම්බන්තොට නගරාධිපති වරයා ඇතුළු පිරිස ලේවාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් කියලා එකක් කරගෙන යනවා. හැබැයි පැත්තකින් සීතල කාමරයක් සහිත වාහනයකුත් ගෙනත් තියෙනවා කට්ටියට විවේක ගන්න. අපිට කමක් නෑ ඒකට. ඒවගේම අද මට දැනගන්න ලැබුණා නගරාධිපතිවරයා මාරාන්තික උපවාසයක් පවා ආරම්භ කරන්න යනවා කියලා.මේ මොන උපවාස කලත් මට අහන්න තියෙන්නේ නගරාධිපති වරයාට ලැජ්ජාවක් කියලා එකක් නැදිද කියලා විතරයි. මොකද තමන්ගේ ආයතනයේ වැඩ ටික කරගෙන ඉන්නේ නැතිව ,ඒකේ කරන්න තියෙන වැඩ කටයුතු ඔක්කොම පැත්තකට දමලා මේ මොන අරමුණක් වෙනුවෙන්ද මේ විදියට අනුන්ගේ ආයතනයක් ඉස්සරහට ඇවිත් උපවාස කරන්නේ කියලායි.

ඔය ලේවායට එරෙහිව උපවාස කරන නගරාධිපතිවරයා මෙතෙක් හම්බන්තොට නගරයට මොකද්ද කරලා තියෙන වැඩේ කියලා කියන්නකෝ පුළුවන් නම්. හැබැයි හම්බන්තොට ලුණු ලේවායේ අපි මේ වෙනකොට මේ හම්බන්තොටට මිලියන 90ක් ගේන්න කටයුතු කරනවා. අපි වැඩ කරනවා. නගරාධිපති වරයා පිස්සු නටනවා. මෙහෙම මිනිස්සු ඉන්නකම් කොහොමද රට ගොඩනගන්නේ.

හම්බන්තොට නගරාධිපතිවරයා කියන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙලි අත්ත ආසනයේ ආසන සංවිධායක වරයා. ඔහු වැඩ කරන්නේ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති වරයාට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අරමුණ මොකද්ද කියලා පසුගිය දවසේ එළියට පැන්නනේ. අපි වෙනම වැඩ කරනෝ කියමින් කියා දැන් රට වටේ යනවා.ඉතින් මේ නගරාධිපතිවරයා නටන්නේ වැඩ කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නඩේට ඕනි විදියටයි.

ඒ අයට ඔනි ගම් මට්ටමේ යළි පදනමක් හදන්න. ඒ කොන්ත්‍රාත්තුව තමයි මේ නගරාධිපතිවරයා හම්බන්තොටින් බාරගෙන තියෙන්නේ. නමුත් නගරාධිපති වරයා මේ වැඩේට තෝරගෙන තියෙන්නේ වැරදි තැනක් කියලා නම් මන් කියන්න ඕනේ. 

නගරාධිපති වරයාට වගේ අපරාධ චෝදනා අපිට නෑ. මේ වගේ ආණ්ඩු විනාස කරන්න කටයුතු කරන මිනිස්සුන්ට ජනතාව වැඩි දවසක් නොගොස් පාඩමක් උගන්වන බව නම් පැහැදිළියි“. යැයි පැවසිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බොරැල්ලේ දේවස්ථානයේ බෝම්බය ගැන පුංචි දරුවෙක් සී.අයි.ඩී.යට තොරතුරු කියයි!

Next Post

වැලිකඩ සිරකරුවන් ඝාතන නඩුවේ තීන්දුව නිකුත් වේ… වැලිකඩ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රන්ජන්ට මරණ දඬුවම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.