ලලිත් චාමින්ද –
ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ පිල්ලගොඩ ප්රදේශයේ දි සුඛෝපභෝගි මෝටර් රථයක් ගිනිගැනිමට ලක්ව විනාශ වි ඇති බව හබරාදුව පොලිසිය පවසයි.
ඊයේ (19) රාත්රි 8.45ට පමණ මෝටර් රථය ගිනිගැනිමට ලක්වතිබේ. මෝටර් රථයේ හිමිකරු තම මිතුරෙකු සමග වැලිගම සිට උණවටුණ දක්වා ගමන් කරමින් සිටියදී රථය කාර්මික දෝෂයකට ලක්ව තිබේ. රථය පිල්ලගොඩ ප්රදේශයේ දි නතරකොට පරික්ෂා කිරිමේ දි එකවරම එය ගිනි ගෙන ඇතැයි පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ප්රදේශවාසින් හා ගිකි නිවන රථය මගින් ගින්න නිවා දැමිමට කටයුතුකර තිබේ.
නැවත භාවිතයට ගතනොහැකි ලෙස මෝටර් රථය ගිනි ගැනිමට ලක්ව ඇතැයි පොලිසිය පවසයි. මෝටර් රථයේ හිමිකරු නුගේගොඩ ප්රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු පුද්ගලික මුල්යසමාගමක අධ්යක්ෂකවරයෙකු බවද පොලිසිය පවසයි.
හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක අශෝක කරුණාරත්න ගේ උපදෙස් මත පරික්ෂණ පැවැත්වේ.







