දින කීපයකට පෙර මාතර ප්‍රධාන පෙළේ හෝටලයක පැවති උත්සවයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් තරුණියකට අතවර කිරීමට උත්සාහ කිරීමෙන් පසු දරුණු ප්‍රහාරයකට ලක් වූ බව දැක්වෙන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවය සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
මාධ්‍ය වාර්තා කර තිබුණේ අධික ලෙස බීමත්ව සිටි ධනුෂ්ක ගුණතිලක විසින් එම උත්සවයට පැමිණි තරුණියක් සම්බන්ධ සිද්ධියක් මුල් කරගෙන ඇති වූ ගැටුමක දී අවට පිරිසගේ ප්‍රහාරයකට ලක් වූ බවය .
කෙසේ වෙතත් ධනුෂ්ක ගුණතිලක මේ සිදුවීම ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකරණ කමිටුව අවධාරණය කරන්නේ ජාතික ක්‍රීඩකයන්ගේ විනය දැඩි ලෙස අධීක්ෂණය කරනු ඇති බවත්, විනය හේතුන් මත විෂමාචාර ක්‍රියා ඔප්පු වුවහොත් ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.
මේ සඳහා ක්‍රීඩකයන්ට අදාළ වන නව චර්යාධර්ම පද්ධතියක් ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ප්‍රකාශයට පත් කර ඇත. නව කොන්ත්‍රාත්තුවට බැඳුණු දා සිට එම චර්යාධර්ම පද්ධතිය වලංගුවන බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.