හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අගෝස්තු 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර නියෝග කළාය.
2022 මැයි මස 09 වැනි දින ගෝල්ෆේස් අරගල භූමියට පහර දුන් සිද්ධියට අදාල සැකකරුවෙක් ලෙස නම් කර සිටි හිටපු පොලිස්පතිවරයා ඊයේ මිරිහානේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
නඩුව සම්බන්ධයෙන් තමන් අත් අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා අපේක්ෂිත ඇප අයදුම්පතක් දේශබන්දු තෙන්නකෝන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණ ද ඊයේ උදේ එම ඇප අයදුම්පත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ඔහුව අත් අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කළේය.







