බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තම ෆේස්බුක් සමාජ ජාල ගිණුමෙහි පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ කළ ප්‍රකාශය අනුමත කරන ආකාරයට පළ කර තිබූ පෝස්ටුවක් හුවමාරු කර ඇති බවත් එයින් ශ්‍රි ලංකාව කවර දිශාවක ගමන් කරන්නේදැයි තමන්ට බියක් උපදවන බවත් දක්වමින් තම ට්විටර් ගිණුමෙහි සටහනක් තබා ඇත.
එම ෆේස්බුක් සටහන කෙරෙහි පොලිස් කොමිසමෙහි අවධානය යොමු වෙතැයි තමන් අපේක්ෂා කරන බවද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා සඳහන් කරයි.
මෙම සිදුවීමට පසුබිම් වූයේ පාර්ලිමේන්තු මන්ති හරීන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදු කළ ප්‍රකාශයකට ඊයේ පැවැති ජන හමුවකදී දැක්වූ ප්‍රතිචාරයයි.
එහිදී ජනාධිපතිවරයා දැක්වූ ප්‍රතිචාරය මත තමන්ට ජීවිත තර්ජනයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් තමන්ට ආරක්ෂාව සපයන ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාට ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.