ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලකයකු හෝ ඔවුන්ගේ පවුලේවල සාමාජිකයන් ඉන්දියාවට පලා ගිය බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
මෙම ප්‍රබල දේශපාලකයා සහ ඔහු ගේ පවුලේ සාමාජිකයන් හෙලිකොප්ටර යානයකින් ඉන්දියාව බලා පිටත් ව ඇති බවට පළ වන සමාජ මාධ්‍ය සහ ඇතැම් මධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ එම ප්‍රචාරයන්හි සත්‍යතාවක් හෝ පදනමක් නොමැති බවයි.