නම්පිටිය නිමල් ජයරත්න –
දිඹුලාගල සිරිපුර රත්මල්කඳුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා හිටිහැටියේ මාරුකිරීමට එරෙහිව එම විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විසි එක්වෙනිදා පෙරවරුවේ විද්‍යාලය ඉදිරිපිට පැය කිහිපයක් විරෝධතාවයක නිරතවූහ.
මේ වන විට මාරුවීම් ලැබ සිටින විද්‍යාල විදුහල්පති, විද්‍යාල වෙනුවෙන් විශාල සේවයක් සිදුකරමින් සිටි සුසන්ත බණ්ඩාර යාපා රත්න විදුහල්පතිවරයා පසුගිය 16 වෙනිදා හිටි හැටියේ දෙහිඅත්තකන්ඩිය අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කරගෙන සිටින බවත්, මෙම තත්ත්වය මත විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු අඩපනවන බවත්, දේශපාලන පළිගැනීමක් මත,මාරුවීම් ලබා දී සිටින එම විදුහල්පතිවරයා තම විද්‍යාලයට යළිත් වරක් ලබාදෙන ලෙසද මෙහිදී විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.
පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ජී.ඩී නිලුකා නිරෝෂණී මහත්මිය සඳහන් කළේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරියකු වන සුසන්ත බණ්ඩාර මහතා විද්‍යාලයට ඉමහත් කාර්ය භාරයක් සිදුකළ විදුහල්පතිවරයෙකු බවත් ඔහුට සාධාරණයක් කරමින් තම විද්‍යාලයට නව
විදුහල්පතිවරයෙකු හෝ ලබා දීමට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසයි.
මෙම විරෝධතාවය සඳහා රත්මල්කඳුර මහා විද්‍යාලයේ දෙමාපියන් දෙසියයකට ආසන්න පිරිසක් සහභාගි වී සිටි අතර කිසිදු විසඳුමක් නොමැති නිසා පැය කිහිපයකින් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියහ.