මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව ඓතිහාසික කන්දේගම ධනංජය රාජමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවට අද (08 ) අලුයම වන අලි ප්‍රහාරයක් එල්ල වුනේය. ධනංජය රජමහා විහාරාධිපති පූජ්‍ය කන්දේගම දීපවංසාලංකාර නාහිමියන් සඳහන් කළේ මේ ප්‍රහාරය හේතුවෙන් ගොඩනැගිල්ලට බරපතල හානි සිදුවී ඇති බවය.

විදේශයන්හි පවා සම්භාවනාවට ලක්වන රටේ වැදගත් පිරිවෙණක් වූ සාගරමතී පිරිවෙණ ක්‍රියාත්මක වන්නේය. එහි දේශීය හා විදේශීය සාමණේර භික්ෂූන් වහන්සේලා 25 නමක් පමණ නේවාසිකව ඉගෙනීම් කටයුතු කරන්නේය.
විහාරස්ථානයටත් පිරිවෙන් පරිශ්‍රයටත් වරින් වර මින් පෙරත් වන අලි ප්‍රහාර එල්ල වී තිබිණි. ඒ පිළිබඳ බලධාරීන් දැනුම්වත් කළ ද මෙතෙක් කිසිදු වැඩපිළිවෙළක් සිදු වී නොමැති බව විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා සඳහන් කරති.
යම් අවස්ථාවක මෙහි වාසය කරන කුඩා ස්වාමීන් වහන්සේලාගේ ජීවිතයකට වන අලි ප්‍රහාරයකින් හානියක් සිදු වුවහොත් එහි සම්පූර්ණ වගකීම අදාළ රාජ්‍ය ආයතන බාර ගත යුතු බව විහාරාධිපති, ආචාර්ය පූජ්‍ය කන්දේගම දීපවංසාලංකාර නාහිමියෝ පවසති.








