සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවන කර්තුවට ලංවිම 13.56%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලයි…

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
current-bill
Share on FacebookShare on Twitter
  • ගල් අඟුරු වංචාව පියවන්න හදන බවට වෘත්තීය සමිතිවලින් චෝදනා…

  • පියවන්න වංචාවක් සිදුවිය යුතුයි… කිසිම වංචාවක් නෑ… විදුලි ගාස්තු වැඩි කරන්න ඉල්ලා සිටින්නේ නිශ්පාදන පිරිවැයට සරිලන ගැලපුමකට මිස ලාභ පාඩු පියවන්න නෙමෙයි… රජය උත්තර දෙයි!

 2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් ඉහළ නැංවීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. විශේෂයෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මීට පෙර සිදුවූ බව කියන “ගල් අඟුරු වංචාවේ” පාඩුව පියවා ගැනීමට රජය මෙලෙස ජනතාව මත බදු බර පටවන බවයි.

වාර්ෂිකව සිව් වතාවක් සිදුකරන විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාවලියට අනුව, 2026 අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 30 වැනිදා දක්වා කාලසීමාව සඳහා මෙම නව ගාස්තු ඉහළ නැංවීම යෝජනා කර ඇත. මේ සම්බන්ධ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගියදා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.

මීට පෙර 2026 පළමු කාර්තුව සඳහා ද විදුලිබල මණ්ඩලය විසින් සියයට 11.57ක ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටියද, නිසි කලට විධිමත් යෝජනාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහජන උපයෝගිතා කොමිසම එය ප්‍රතික්ෂේප කර තිබුණි. ඒ අනුව පෙබරවාරි 13 වැනිදාට පෙර නව යෝජනාවලිය ඉදිරිපත් කරන ලෙස කොමිසම කළ දැනුම්දීමට අනුව මෙම නව ඉල්ලීම සිදුකර ඇත.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇත්තේ, විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ මෙම සියයට 13.56ක ගාස්තු වැඩි කිරීමේ යෝජනාව මේ වන විට සමාලෝචනය කරමින් පවතින බවයි. එම ක්‍රියාවලියෙන් අනතුරුව ඒ පිළිබඳව මහජන අදහස් විමසීමට පියවර ගන්නා බවත්, අවසන් තීරණය දැනුම් දෙන්නේ ඉන් පසුව බවත් කොමිසම අවධාරණය කරයි.

මෙම ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අදහස් දක්වන වෘත්තීය සමිති නායකයින් පවසන්නේ, පාලනාධිකාරියේ අකාර්යක්ෂමතාවය සහ දූෂිත ගනුදෙනු හේතුවෙන් සිදුවූ පාඩු මහජනතාවගෙන් අයකර ගැනීම අසාධාරණ බවයි. විශේෂයෙන්ම ගල් අඟුරු මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවල බලපෑම විදුලි බිලට එකතු කිරීම ඔවුන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත.

RelatedPosts

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

වෘත්තීය සමිති එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන රජයේ බලධාරීන් සහ විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුත් ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියක් යටතේ සිදුවූවක් බැවින් එහි කිසිදු මූල්‍ය වංචාවක් සිදුව නොමැති බවය.

එබැවින්  පාරිභෝගිකයන්ගෙන් එහි පාඩුවක් සිදුව නැති බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.  විදුලි ගාස්තු තීරණය වන්නේ උත්පාදන පිරිවැය, ඉන්ධන මිල සහ විනිමය අනුපාතික වැනි වත්මන් වෙළඳපොළ සාධක මත පදනම්ව මිස   අලාභයන් පියවා ගැනීමට නොවන බව රජය අවධාරණය කරයි. ඒ අනුව, මෙම ගාස්තු සංශෝධනය තනිකරම ඉදිරි කාලසීමාව තුළ විදුලිය සැපයීම සඳහා වැයවන සැබෑ නිෂ්පාදන පිරිවැය (Cost-Reflective Tariff) පියවා ගැනීම සඳහා ඉදිරිපත් වූ තාක්ෂණික යෝජනාවක් මිස වංචා හෝ දූෂණවල ප්‍රතිඵලයක් නොවන බව රජය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙනෝ දාහක් ඉදිරියේ සිවිල් පුරවැසියන් ඝාතනයවන විට ඒ වගකීමෙන් රාජ්‍යයකට මිදෙන්න බෑ… “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” සංවිධානය කියයි!

Next Post

 වසරකට පසු  රජයේ ක්‍රියාකලාපයට 65%ක අනුමැතියක්… වෙරිටේ රිසර්ච් කියයි!

Related Posts

පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.