සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙනෝ දාහක් ඉදිරියේ සිවිල් පුරවැසියන් ඝාතනයවන විට ඒ වගකීමෙන් රාජ්‍යයකට මිදෙන්න බෑ… “ජාතික ජන බලවේගයේ නීතිඥයෝ” සංවිධානය කියයි!

by editor
පෙබරවාරි 15, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිඥයෙක් සම්බන්ධ ඝාතනයක් නිසා නොව, රටේ ඕනෑම පුරවැසියෙක් දෙනෝ දාහක් මැද ඝාතන කර පලා යනවිට ඒ වගකීමෙන්   රාජ්‍යයට   මිදිය නොහැකි බව ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

යුක්තිය පසිඳලීමේ සහ ඒ වෙනුවෙන් සිදුකරන විමර්ශන මෙන්ම පූර්ව අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදවල දැති රෝද අන් සැමදාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මකවීම  මෙතැන් සිට සිදුවිය යුතු බව ද එම සංවිධානය සිය නිවේදනයේ දක්වයා.

ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය නිකුත්කළ එම නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නි‌‌වේදනය

නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ සහාසික ඝාතනය සම්බන්ධයෙනි

සාහිසකයින්ගේ ප්‍රහාරයට ලක්ව 2026.02.13 දින අප අතරින් වියෝවූ බුද්ධික මල්ලවආරච්චි වෘත්තීය සහෝදරයා සහ ඔහුගේ බිරිඳගේ වියෝව පිලිබඳ ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස අපි දැඩි සංවේගයට පත්වන්නෙමු.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

පසුගිය පාලකයන් විසින් තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා පාර රාජ්‍ය තුළ පෝෂණය කළ මැරයින් විසින්, පුරවැසියාගේ අයිතිවාසිකම් පිළිබඳ අධිකරණය තුළත් ඉන් පිටතත් හඬ නගන මෙන්ම ඊට කැපවෙන ප්‍රජාවක් වෙතට එල්ලවූ එම ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

දහවල් කාලය තුළ සාමාන්‍ය පුරවැසියන් ගැවසෙන වටපිටාවක ආයුධ සන්නද්ධව පැමිණ නිරායුධ පුරවැසියන් මරා දමන්නට දරුණු මැරයින්ට බලය හිමිවූ අඳුරු පරිච්ඡේදය හැකිතාක් ඉක්මනින් නිමා කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන වර්තමාන රජය එකී අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක වන වේගයටත් වඩා වැඩි වේගයකින් කටයුතු කළ යුතු බව මෙකී සිදුවීම පසක් කරයි.

එයට හේතුව මෙකී සිදුවීමේ වින්දිතයා වන්නේ නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වීම හේතුවෙන් පමණක්ම නොව එය මෙරට පුරවැසියන් දෙදෙනෙකුට එල්ල වූ කුරිරු හා අමානුෂික ප්‍රහාරයක් නිසාවෙනි.

එමෙන්ම ප්‍රශ්නය තම පරිදියට ඇතුළු නොවන තාක් විචිත්‍ර සංකල්ප ගෙනහැර දැක්වීම කළ හැකි වුවද ප්‍රශ්නය තම පරිදියට පැමිණි පසු එහි බරපතළකම සේම ජීවිතය පිළිබඳව තැති ගැන්ම සියලු දෙනා කෙරෙහි පවතී. මන්ද පාර රාජ්‍යයේ ලේ පිපාසිතයින්ගේ ඉලක්කය විටක මාධ්‍යවේදියෙකි. විටක පොලිස් නිලධාරියකි. විටක විනිසුරුවරයකි. පසුගිය සිකුරාදා දිනයේදී පසක් කළේ එකී ඉලක්කය විටෙක නීතිඥවරක් වුවද විය හැකි බවයි. එය හෙට කුමන වෘත්තියක් ඉලක්ක කර ගනු ඇත්ද යන්න උපකල්පනය කළ හැකි නොවේ.

නමුත් නිතැතින්ම නීතිඥවරු ලෙස අප පසක් කරන්නේ රාජ්‍යයට එකී වගකීමෙන් මිදිය නොහැක්කා සේම යුක්තිය පසිඳලීමේ සහ ඒ වෙනුවෙන් සිදුකරන විමර්ශන මෙන්ම පූර්ව අපරාධ වැළැක්වීමේ ක්‍රමවේදවල දැති රෝද අන් සැමදාටත් වඩා වේගයෙන් ක්‍රියාත්මකවීම සිදුවිය යුතු බවයි.

සියලු පුරවැසියන්ගේ ගෞරවය හා යහපත් ජීවිතයක් වෙනුවෙන් පත් කරන ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව තම වගකීම ඉටුකරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

ශ්‍රී ලංකා පොලිසිය සහ රාජ්‍ය යාන්ත්‍රණය මෙකී ක්‍රියාව සම්බන්ධයෙන් නිසි උද්යෝගයෙන් යුතුව කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කොට අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සභාපති
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ
2026.02.15

Tags: නවතම
Share69Tweet43
Previous Post

අකුරේගොඩ දී නිතිඥවරයා ඝාතනය කිරීමේ සිද්ධිය –  වසර 14කට පසු අද දිනයේ නීතිඥ සංගමය මහා සභා රැස්වීමක් කැඳවයි…

Next Post

දෙවන කර්තුවට ලංවිම 13.56%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලයි…

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.